එය බොහෝවිට බොහෝ විට ප්‍රධාන කොටස් තුනකින් හඳුනාගන්නා අතර
1 simple phobia
2 social phobia
3 agoraphobia
ලෙස හඳුනා ගත හැක.
1 simple phobia
2 social phobia
3 agoraphobia
ලෙස හඳුනා ගත හැක.
මෙහි පළමු අවස්ථාව වන simple phobia සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙකු අත්විඳිය හැකි අවස්ථාවකි.මෙහිදී බොහෝ බොහෝ විට දැකිය හැකි වන්නේ යම් යම් සුළු දේවල් සඳහා වෙනත් කෙනෙකුට සාපේක්ෂව අසාමාන්‍ය බියක් ඇති කර ගැනීමයි.උදාහරණ ලෙස යම්කිසි අනතුරකදී සිදුවන ලේ වැගිරීමක් දැකීමට ඇති බිය ,දත් ආශ්‍රිතව සිදු කරන ප්‍රතිකාර වල දී ,කුඩා සතුන් වන හූනන් කැරපොත්තන් හැකරැල්ලන් වැනි සතුන්ට දක්වන බිය ,වර්ෂාව අධික අවස්ථාවල දී සිදු වන අකුණු ගැසීම් ගෙරවීම් ,උස් ස්ථාන වලට නැගීමට ඇති බිය ,උස් ස්ථාන වලින් ගමන් කිරීමට ඇති බිය වැනි අවස්ථා යි.
මෙය බොහෝ විට දැකිය හැකි වන්නේ පුරුෂ පක්ෂයට වඩා ස්ත්‍රී පක්ෂය ටයි බොහෝවිට කුඩා කල සිට මෙම තත්වයන් දැකිය හැකි අතර වැඩිහිටි වයසට පැමිණි විට අනෙකුත් අයට සාපේක්ෂව මෙය අසාමාන්‍ය අයුරකින් දක්නට ඇත්නම් ඔහු හෝ ඇය ඉහත සඳහන් කළ simple phobia තත්ත්වයෙන් පීඩා වනවා විය හැක එවන් අයෙක් ඉහත දැක්වූ දැක් වූ යම් යම් අවස්ථාවන් වලදී වෙනත් කෙනෙකුට සාපේක්ෂව අසාමාන්‍ය ලෙස දක්වන බිය හේතුවෙන් ඔහු අනෙකුත් අය ඉදිරියේ අපහසුතාවයට පත් වීම මෙන් ම ඔහු දක්වන එම බිය නිසා මානසිකවද විශාල පීඩාවකට ලක් වේ.ඔහු හෝ ඇය මුහුණ දෙන හේතුවෙන් වීම හේතුවෙන් ඔහු හෝ ඇය වටා සිටින අනෙකුත් පාර්ශව බොහෝ අවස්ථාවන්වල දී එම අපහසුතාවයට පත්වන තැනැත්තා හාස්‍යයට ලක් කරයි එසේත් නැති නම් බොහෝ විට එය එතරම් තැකීමකට ලක් නො කරයි .නමුත් මෙමගින් පීඩා විඳින තැනැත්තා බොහෝ විට දැඩි මානසික කැළඹීමකට ලක්වීම මෙවැනි අවස්ථාවක දී සිදු වේ .
ඒ හේතුවෙන් ඔහුට හෝ ඇයට එම අවස්ථාවට මුහුණ දීම ඉතා අසීරු වේ.මෙය ප්‍රධාන වශයෙන් භීතිය ආශ්‍රිතව ඇතිවන මූලික අවස්ථාවක් වන අතර තමා දැඩි ලෙස මෙයින් පීඩාවට පත්වනවා නම් වෘත්තීය මනෝ උපදේශකවරයෙක් මුණ ගැසීම මගින් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට සහ එයින් අත්මිදීමට අවශ්‍ය ය උපදේශනාත්මක සේවය ලබා ගත හැක .එහිදී මනෝ උපදේශක සමඟ එක්ව තමා මුහුණ දෙන මානසික පීඩාකාරී තත්ත්වය පිළිබඳව පැහැදිලිව කතා කිරීමෙන් අනතුරුව ඒ සඳහා ගත හැකි ගතහැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද සාකච්ඡා කළ හැකි ය.මෙම ක්‍රියාවලියේ දී මනෝ උපදේශක වරයා ඔබ සමඟ යම් යම් ක්‍රියාකාරකම් සිදු කරන අතර ඔබ ඒ සඳහා සාර්ථකව මුහුණ දීම තුලින් ඔබ තුළ ඇති අසාමාන්‍ය බිය ස්වභාවය මගහරවා ගත හැක.
simple phobia හී තත්ත්වය හඳුනා ගැනීමෙන් අනතුරුව ඊළඟට අවධානය යොමු කළ හැකි වන්නේ social phobia තත්ත්වයටයි.මෙම තත්ත්වයේ දී බොහෝ විට දැකිය හැකි වන්නේ පුද්ගලයා සමාජයේ යම් යම් අවස්ථාවන් වලදී මිනිසුන් සමග ගනුදෙනු කිරීමට දක්වන බියයි.
මෙම තත්ත්වය හේතුවෙන් යම් පුද්ගලයෙක් සමාජයට යෑමට අකමැත්තක් දක්වන්නේ නම් ඔහු ඉහත තත්වයෙන් පීඩා විඳිනවා විය හැකිය .බොහෝ විට මෙම තත්වය තමා රැකියාව කරන ස්ථානයේ , පාසල තුළ , විශ්ව විද්‍යාලය තුල ,මෙන්ම වැඩි පිරිසක් ගැවසෙන තැන් වල කටයුතු කිරීමේදී ඇතිවන තත්ත්වයකි සිංහල භාෂාවෙන් සමාජ භීතිකාව ලෙස හඳුනා ගන්නා මෙම තත්වය ඇතැම් අවස්ථාවන් වලදී පුද්ගල ජීවිතයට විශාල බලපෑමක් සිදු කරයි .
සමාජ භීතිකාවෙන් පෙළෙන අයෙක් තුල දැකිය හැකි ප්‍රධාන තත්ත්වයන් කිහිපයක් ලෙස
*රැස්වීමක දී හෝ සම්මන්ත්‍රණයක දී යම් පිරිසක් ඉදිරියේ කතා කිරීමට ඇති බිය
*යම් පිරිසක් ඉදිරියේ ආහාර ගැනීමට ඇති බිය
*වැඩිපුර සෙනග ගැවසෙන ස්ථානවල කාලය ගත කිරීමට අකමැත්තක් සහ බියක් ඇති කර ගැනීම.
*මිතුරන් සහ හිතවතුන් එකට මුණ ගැසෙන සාදයන් මග හැරීම
ආදී තත්වයන් දැකිය හැක මෙහිදී බොහෝ විට බොහෝ විට සිදු වන්නේ අනෙකුත් අය ඉදිරියේ තමා යම් අයුරක ලැජ්ජා වීමකට ලක් වේය යන හැඟීම ඇතිකර ගැනීමයි .එහි දී ඔවුන් තමාගේ අඩුපාඩු දකිමින් ,තමා විහිළුවකට ලක් කරමින්,තමා අපහසුතාවයට පත් කරයි යන හැඟීම මනස තුළ තුළ ගොඩනගා ගනී .මෙම හේතුව නිසා ඔහුට හෝ ඇයට අත්විඳීමට සිදු වන අයහපත් ප්‍රතිඵල අතර ,
රැකියාවේ දියුණුව අඩාල වීම ,අධ්‍යාපන කටයුතුවලට ඇති වන බාධාවන් ,සමාජ සබඳතා ඇතිකර ගැනීමේ දී දක්නට ලැබෙන දුරුවලතා ආදී විවිධ හේතු නිසා පුද්ගලයා බොහෝ විට සමාජයෙන් ඈත් වේ.එම හේතුව නිසා ඔහු ඉතා අසරණ භාවයට පත් වේ .මෙම මානසික තත්වය පුද්ගල පෞරුෂය ගොඩ නැගීමට සහ එය නිරෝගී පවත්වාගෙන යාමට ගෙන යාමට විශාල බාධකයක් වන අතර මේ සඳහා ද වෘත්තීය මනෝ උපදේශකයෙකුගේ සහය ලබා ගැනීම ඉතා වැදගත් වේ.විශේෂයෙ ම මෙවන් තත්ත්වයන් සඳහා විසඳුම් සොයා ගැනීමේ දී මනෝ උපදේශක සමඟ ඉතා විශ්වසනීය සබඳතාවයක් ගොඩනගා ගැනීම වැදගත් වන අතර ඔහු සමග එකට එක්ව සිදු කරන ක්‍රියාකාරකම් සහ ඔහු ලබා දෙන පැවරුම් නිසි ලෙස සිදු කිරීම මගින් ඔබ සමාජ භීතිකාවෙන් පෙළෙන අයෙක්නම් නම් එම තත්ත්වයෙන් ගොඩ ඒමට ඔබට මාර්ගය විවර වෙයි .
මෙහි අවසන් කොටස බවට පත් වන්නේ agoraphobia තත්ත්වයයි .මෙහිදී දැකිය හැකි තවය වන්නේ යම් පුද්ගලයෙක් සමාජ භීතිකාවෙන් පෙළෙන තත්වයට තත්ත්වයට එහා ගිය යම් යම් ලක්ෂණ පෙන්නුම් කිරීමයි .සමාජ භීතිකාවෙන් පෙළෙන පුද්ගලයෙක් සමාජය සමග ගනුදෙනු කිරීම යම් අයුරක ට අඩුවෙන් සිදු කළත් අංගන භීතිකාව හෙවත් agoraphobia තත්ත්වයෙන් පෙළෙන අයෙක් අසාමාන්‍ය ලෙස සමාජය ප්‍රතික්ෂේප කරයි .ඔහු මිනිසුන් සමග ගනුදෙනු කිරීමට හෙවත් සමාජය ආශ්‍රය කිරීමට ,හැම මොහොතක ම තනිව කටයුතු කිරීමටත් ,නිවසට යම් පුද්ගලයෙක් පැමිණෙන අවස්ථාවක දී පවා ඔහුව මඟ හැර සැඟව සිටීමටත් කටයුතු කරයි .මෙවන් පුද්ගලයින් ගේ දෛනික වැඩ කටයුතු නිසි ලෙස සිටි සිදු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් විශාල මානසික පීඩාවකට මෙන්ම ඔවුන්ගේ ජීවිතවල විශාල කඩා කඩා වැටීමකට ද ලක් වේ.මෙම තවයෙන් අත්මිදීමට නම් මනෝ උපදේශන සේවාව මෙන්ම මනෝ වෛද්‍යවරයෙක් මගින් සිදු කරන මනෝ ප්‍රතිකාර ද ඉතා වැදගත් වේ .ඉහත සඳහන් කළ තත්ත්වය පාලනය කර ගනිමින් දෛනික ජීවිතයේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට නම් වෘත්තීය මනෝ ප්‍රතිකාර සහ වෘත්තීය මනෝ උපදේශනය ඉතා විශාල කාර්ය භාරයක් ඉටු කරයි
මේ පිළිබඳ නිවැරැදි අවබෝධයක් නොමැති කම හේතුවෙන් සහ නිවැරදි විසඳුම් කරා යොමු නොවීම හේතුවෙන් බොහෝ දෙනෙක් තම ගේ ජීවිතයේ සාර්ථකත්වය කරා යාමට ඇති මාර්ගයක් විවෘත කර ගැනීමට අපොහොසත් වේ.මෙම ලිපිය මගින් බලාපොරොත්තු වූයේ එලෙස පීඩාවට ප වන බොහෝ දෙනා වෙනුවෙන් අවශ්‍ය නිවැරදි මාර්ගෝපදේශය ලබා දීම මෙන්ම,ඒ සඳහා විසඳුම් සොයා ගැනීමට ගත හැකි නිවැරදි ක්‍රියාමාර්ගයන් පෙන්වා දීමයි .
ඉහත තත්වය මග හරවා ගැනීමට වෘත්තීය මනෝ උපදේශනයේ විවිධ වූ ශිල්පීය ක්‍රම ඔබ ට සහය වන අතර ඒ සඳහා ඔබේ සහභාගිත්වය ඔබ පීඩා විඳින භීතිකාවෙන් ගොඩ ඒම සඳහා මාර්ගය පාදයි .


