අප මීළඟට විමසා බලන්නේ පුද්ගලයෙකුට නින්ද අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ඇයි ද යන්නයි.ඔබ පැය 24 ක කාල සීමාවක් තුළ දවසේ වැඩ වැඩ කටයුතු සැලසුම් කර ගනිමින් ක්‍රියාත්මක වන විට ඒ සියල්ලක් සඳහා ඔබට අවශ්‍ය මග පෙන්වීම ඇතුළු ඔබව ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය මානසිකමය පෙළඹවීම ඇති කරනු ලබන්නේ ඔබේ මොළයයි.මෙලෙස ක්‍රියාත්මක වන මොළය, ඔබේ සමස්ත ජීවිත කාලය පුරාවටම අඛණ්ඩව ක්‍රියාත්මක වේ.ඔබේ මොළය ක්‍රියා විරහිත වන්නේ යම් කිසි දිනක ඔබ මිය මිය ගිය අවස්ථාවක දී පමණයි.
මෙලෙස ක්‍රියාත්මක වන ඔබේ මොළය දීර්ඝ ලෙස වෙහෙසට පත්වූ අවස්ථාවක නැවත එය සංරක්ෂණය වීම සඳහා ඔබ ලබන ප්‍රමාණාත්මක නින්ද ඔබේ කායික මානසික සුවය වෙනුවෙන් විශාල බලපෑමක් සිදු කරයි.මේ අනුව පැහැදිලි වන්නේ නින්ද පුද්ගලයාට අත්‍යවශ්‍ය සාධකයක් වන බවත් ප්‍රමාණාත්මක නින්දක් නොලැබීම පුද්ගලයාගේ කායික මානසික සුවය වෙනුවෙන් අහිතකර බලපෑමක් ඇති කිරීමට හේතුවන බවත් ය.
බොහෝවිට අප දකින්නේ රාත්‍රී කාලයේ දී නින්ද ලබා ගැනීමට බොහෝ දෙනෙකු උත්සාහ කරන බවයි.නමුත් නින්ද පිළිබඳව සැලකීමේ දී සම්මත වූ නිදි වේලාවක් නොමැති අතර දවසේ ඕනෑම කාල සීමාවක් තුළදීය ලබන ප්‍රමාණාත්මක නින්ද ඔබගේ මොළය සංරක්ෂණය සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරයි.යම්කිසි පුද්ගලයෙකු ප්‍රමාණාත්මක නින්දක් ලබා ගත්තේ ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා පහත කරුණු දෙක වෙත අවධානය යොමු කළ හැකි.එනම් ,
01) ඔබ අවශ්‍ය ප්‍රමාණයක නින්දක් ලබා ඇති නම් ඉබේ අවදි වේ.
02) ඔබ අවදි වූ පසු ඔබේ ගතට සහ සිතට ප්‍රබෝධමත් ගතියක් දැනේ
ඉහත මූලික ලක්ෂණ දෙක ඔබ තුළින් දක්නට ඇත්නම් ඔබ ප්‍රමාණාත්මක නින්දක් ලබා ඇති බව එයින් පැහැදිලි වේ.
එමෙන්ම විශේෂ කරුණක් වන්නේ අප ජීවත් වීමේදී අප ගේ මනස ක්‍රියාත්මක වීම සඳහා අපට ආවේනික වූ ජීව ඔරලෝසුවක් අපගේ මනස තුළ ක්‍රියාත්මක වීමයි එනම් ඔබ එදිනෙදා සිදු කරන යම් යම් කටයුතු නිසි වේලාවට සිදු කිරීමට ඔබව පෙළඹවීම මෙහි කාර්ය භාරයයි.උදාහරණයක් ලෙස ඔබ නින්දට ගිය විට පසු දින ඔබ අවදි වන මොහොතේ කිසිදු බාහිර බලපෑමකින් තොරව ව හෙවත් තවත් කෙනෙකුගේ මැදිහත් මැදිහත් වීමකින් තොරව ඔබ අවදි වනවා නම් බොහෝ විට ඔබ ඒ අවදි වන්නේ ඔබගේ මනස තුළ ක්‍රියාත්මක ජීව ඔරලෝසුව මැදිහත් වීමෙනි. මේ නිසා ක්‍රමවත් වූ නිදි වේලාවක් නිශ්චිතව ඇතිකර ගැනීම කර ගැනීම යහපත් නින්දක් ලැබීම සඳහා ඔබට පහසුකම් සපයයි.
ඔබගේ මොළයේ ඇති ප්‍රධාන කොටස් දෙකක් නින්ද ඇති ඇති කිරීමට පසුබිම සකසන අතර එමගින් ඔබ අවදිව තැබීම සහ ඔබට අවශ්‍ය නින්ද ඇති කිරීම සිදු කරනු ලබයි.මොළයේ මොලදණ්ඩ මත පිහිටා ඇති මෙම කොටස් දෙක තැලමස සහ හයිපොතැලමසය ලෙස හඳුනා ගනී.(Thalamus and Hypothalamus) මෙම තැලමස සහ හයිපොතැලමස මගින් නින්ද ඇති කිරීම සිදුවන අතර නින්දේ ප්‍රධාන අවස්ථා දෙකක් පවතී.එනම්,
01) REM Sleep
02) Non REM Sleep
මෙහි දී REM Sleep අදියර යනු ඔබේ සමස්ත නිදි කාලයෙන් හතරෙන් එකක් පමණ වේ.
එමෙන්ම Non REM Sleep අදියර ඔබේ සමස්ත නිදි කාලයෙන් ඉතිරි කොටස වේ.(ඉදිරියේදී වෙනත් ලිපියක් මගින් මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි)
කෙසේ වෙතත් නින්ද පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගත් ඔබ ඉන්පසු අවධානය යොමු යොමු කළ යුතු වන්නේ නින්ද ආශ්‍රිතව ඇති වන යම් යම් ව්‍යාකූල තත්වයන් මොනවාද යන්නයි.මෙහි දී නින්ද ආශ්‍රිතව ඇති වන ආබාධ තත්ත්වයන් ප්‍රධාන කොටස් තුනක් යටතේ හඳුනාගන්නා ගන්නා අතර මෙම තත්ත්වයන් පුද්ගල නින්ද පිළිබඳ ගැටලු ඇති කරන ප්‍රධාන අවස්ථාවන් වේ.එනම් ,
Insomnia
Hypersomnia
Parasomnia
Insomnia යනු නින්ද නොයාම මූලික කරගත් තත්ත්වයකි.මේ සඳහා විවිධ හේතුන් බලපෑ හැකි අතර එයට ඔබගේ කායික මානසික ගැටලු සහගත තත්ත්වයන් හේතු විය හැකි ය.සතියකට දින 3 ක ට වඩා වැඩි කාලයක් ප්‍රමාණාත්මක නින්දක් නොලබන අයෙකු නම් බොහෝ විට ඔහු මෙම තවයෙන් පීඩා විඳිනවා විය හැකිය .මෙම තත්වය හේතුවෙන් ප්‍රමාණවත් නින්දක් නොලැබීම හේතුවෙන් ගැටලු රැසක් ඇතිවිය හැකි අතර වෘත්තීය මනෝ උපදේශකවරයෙකු මුණ ගැසීම මගින් අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම තුළ මෙම තත්ත්වය මගහරවා ගත හැක.
Hypersomnia යනු අධික ලෙස නිදාගැනීම ලෙස හඳුනා ගත හැක.මෙහි දී මෙම තත්ත්වයෙන් පීඩා විඳින පුද්ගලයා ඕනෑ ම අවස්ථාවක ,ඕනෑම ස්ථානයක ක්ෂණික නින්දකට පත් වෙයි.එනම් නිදා ගැනීමට අවශ්‍ය නොවන,නිදා ගැනීමට නුසුදුසු අවස්ථා වලදී පවා ඔහු එසේ නින්දට පත් වේ.මෙම තත්ත්වය Narcolepsy - Irresistible day time sleep ලෙස හඳුනා ගනී.බොහෝ විට දිවා කාලයේදී සිදුවන මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයා දැඩි මානසික පීඩාවකට ලක් වේ.එය ඔහු විසින් සිතා මතා සිදු නොකරන නමුත් නිරායාසයෙන්ම නින්ද ඇති වීම මෙසේ ඔහුව අපහසුතාවයට පත් කිරීමට හේතු වේ.මේ සඳහා මනෝ උපදේශකවරයෙකු ගේ සහය පැතීමට වඩා මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වඩාත් වැදගත් වන අතර නිශ්චිත ප්‍රතිකාර වලින් පසුව අවශ්‍ය නම් පමණක් මනෝ උපදේශනය ලබා ගැනීම සුදුසු වේ.මෙහිදී වැදගත්ම වන තත්ත්වය වන්නේ ය නිවරදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි.
Parasomnia තවයේ දී බොහෝ විට දක්නට ලැබෙන්නේ නින්දේ දී සිදු වන චර්යාත්මක ගැටළුන්ය.එනම් සිහිනෙන් බිය වී අවදි වීම ,නින්දෙන් පහර දීම ,නින්දෙන් ඇවිදීම ,නින්දෙන් හුස්ම ගැනීම නතර වීම ,නින්දෙන් ගෙරවීම ,නින්දෙන් දත්මිටි කෑම ආදී විවිධ වූ චර්යාත්මක වෙනස්කම් දැක ගත හැකිය.මෙවන් වූ ගැටලූ ඇති පුද්ගලයෙක් තමාට ඇති ගැටළුව වෘත්තීය මනෝ උපදේශකවරයෙකු සමග සාකච්ඡා කිරීම සහ ඉන්පසු අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් කරා යොමු වීම මෙන්ම නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ
පුද්ගලයෙකුගේ ජීවිතයට සෑම දිනකම ප්‍රමාණාත්මක නින්දක් ලැබීම අත්‍වශ්‍ය සාධකයක් බවට පත්වන්නේ ඔහු ට නිරෝගීමත් ජීවිතයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය කායික මානසික ශක්තිය මෙම ප්‍රමාණාත්මක නින්ද මගින් නොඅඩුව ලැබෙන නිසයි.නමුත් ඉහත සඳහන් කළ යම් යම් ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙන් නිසි පරිදි නින්දක් නොලැබෙන අවස්ථාවක ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇතිව කටයුතු කිරීම මෙන්ම නිවැරදි මනෝ උපදේශනයට යොමු වීම සහ නිවැරදි මනෝ ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් වේ.ඒ තුළින් ඔහු මුහුණපාන කායික මානසික පීඩාකාරී තත්ත්වය අවම කරගනිමින් නිරෝගීමත් ජීවිතයකට අවශ්‍ය පදනම ලබා ගැනීමට හැකියාව ලැබේ .එමගින් සිය දෛනික වැඩ කටයුතු යහපත් අයුරින් සිදු කර කර ගැනීමට මෙන්ම ඔබ බලාපොරොත්තු වන මානසික සතුට ද ඔබ වෙත ළඟා කර ගත හැක .





