විවාහය මූලික කර ගත් ප්‍රධාන අරමුණු ගණනාවක් පැතිය ද මනුෂ්‍යයාගේ ලිංගික අවශ්‍යතා සමාජ සම්මතයට අනුකූලව සපුරා ගැනීම නීත්‍යානුකූල විවාහයක ප්‍රමුඛ අරමුණයි.නමුත් ඇතැම් අවස්ථාවන් වලදී මෙම ලිංගික අවශ්‍යතාවයන් නිසි ලෙස සපුරා ගත නොහැකි වන විට විවිධ වූ සංකීර්ණ ගැටලු ගැටළු පැන නැගිය හැකි ය.ඒ අනුව ඉතාමත් සතුටින් ගත කළ හැකි පවුල් ජීවිතය ක්‍රම ක්‍රමයෙන් මානසික ගැටලු සහිත පවුල් ජීවිතයක් බවට පත්ව එහි අතුරු ප්‍රතිඵල ලෙස තව තවත් විවිධ වූ ප්‍රශ්න එම පවුල් ජීවිතයේ සතුට ආක්‍රමණය කරයි.
මෙලෙස ලිංගික ජීවිතය ආශ්‍රිතව ඇතිවන ගැටලු මතුවීම කෙරෙහි මූලික කාරණා ගණනාවක් බලපායි .ඒ අතර
1)යම්කිසි පුද්ගලයෙක් කුඩාකල්හි තමන් හැදුණු වැඩුණු පරිසරය තුළ ලබන ලිංගිකත්වය පිළිබඳ ආකල්ප - මෙහිදී බොහෝ විට දක්නට ලැබෙන්නේ ලිංගික කාරණා පිළිබඳව විවෘතව සාකච්ඡා නො කිරීමත් ,ලිංගිකත්වය යනු වැරදි ක්‍රියාවක් යන්න ලබා ඇති අවබෝධය සහ ආකල්පයයි .මෙවන් ආකල්ප හේතු කර ගෙන වැඩිහිටි වයසේ දී ලිංගික ජීවිතයට සම්බන්ධ යම් යම් කාරණා පිළිබඳ විවෘතව කතා නොකිරීමත් ලිංගිකත්වය සහ ඒ ආශ්‍රිත කාරණා සඟවා තබා තබා ගැනීමට උත්සාහ කිරීමත් වැනි තත්ත්වයන් දැකිය හැකි ය .
2)තමා කුඩා කල තම දෙමාපිය ගේ පවුල් ජීවිතය ආශ්‍රිතව මතුවන ගැටලු වලින් ගැටලු වලින් පීඩා විඳීම හේතුවෙන් විවාහ ජීවිතය සහ ලිංගික ජීවිතය පිළිබඳ කලකිරීමට පත්ව සිටීම - මෙහිදී බොහෝ විට දක්නට ලැබෙන්නේ ඉහත තත්ත්වය හේතුවෙන් විවාහ ජීවිතය පිළිබඳ සෘණාත්මක ආකල්පයන්ගෙන් සමන්විත වීමයි.මේ හේතුවෙන් ලිංගික ජීවිතය කෙරෙහි වැඩි ආකර්ෂණයක් නොතිබීම ඔහුගේ හෝ ඇයගේ පවුල් ජීවිතය කෙරෙහි ද බලපෑමක් ඇති කරනු ලබයි
3)යම්කිසි පුද්ගලයෙක් කුඩා කල ලබන හිංසාකාරී ලිංගික අත්දැකීමක් හෝ ඊට සමාන අයුරින් සිදු වන ලිංගික පීඩාකාරී තත්ත්වයක් - මෙහිදී බොහෝ විට දක්නට ලැබෙන්නේ යම්කිසි පුද්ගලයෙක් කුඩා කාලයේදී ළමා අපචාරයකට මුහුණ දීම ,යම්කිසි ආකාරයක ලිංගික හිංසනයකට ලක් වීම,අමතක කළ නොහැකි ආකාරයකට සිදුවන යම්කිසි පීඩාකාරී ලිංගික අත්දැකීමක් වැනි අවස්ථා මගින් පුද්ගලයෙ ගේ විවාහ ජීවිතය තුළ ගත කරන ලිංගික ජීවිතයට බලපෑමක් සිදු කළ හැකිය.මෙය බොහෝ විට සිදු වන්නේ අවිඥානගත මතකයක ප්‍රතිඵලයක් ලෙසටයි.
4)දුර්වල ලිංගික අවබෝධය - මෙහි දී දක්නට ලැබෙන්නේ ලිංගිකත්වය සහ ලිංගික හැසිරීම් වල ස්වභාවය මෙන්ම ලිංගික ජීවිතයේ සතුට ලබන නිවැරදි ක්‍රමවේදය පිළිබඳව නිසි දැනුමක් අවබෝධයක් නොමැති වීමයි.මේ හේතුවෙන් තම සහකරුගේ හෝ සහකාරියගේ ලිංගික අවශ්‍යතා සපුරාලීමටත්,තමන්ට අවශ්‍ය නිවැරැදි ලිංගික තෘප්තිය නිසි ලෙස ලබා ගත නොහැකි වීම දැකිය හැකිය
ඉහත කාරණා වලට අමතරව ඉතාමත් වැදගත් ප්‍රධාන කරුණක් පවතී එනම් දෙදෙනෙක් විවාහ ජීවිතයට ඇතුළු වූ පසු ඔවුන් දෙදෙනා ගත ගත කරන විවාහ ජීවිතය තුළ ඇති වන යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ය එනම් ස්වාමියා සහ බිරිඳ අතර ඇතිවන යම් යම් මතභේදයන් ,දෙදෙනා අතර ඇති වන යම් යම් සැක සංකාවන්,තුන්වන පාර්ශවයන්ගේ මැදිහ වීම හේතුවෙන් පැන නගින වෙනත් විවිධ ගැටළුන් ,ආතතිය ,කාංසාව ,විශාදය වැනි මානසික පීඩාකාරී තත්ත්වයන් සහ ඇතැම් කායික රෝග තත්වයන් හේතුවෙන් මතුවන දුර්වල ලිංගික ප්‍රතිචාරයන් වැනි දෑ ය.
මෙවැනි තත්ත්වයන් හේතු කරගෙන දෙදෙනෙක් අතර ඇතිවන ලිංගික සබඳතාවය සාර්ථක සබඳතාවයක් බවට පත්කර ගැනීමට අපහසු වේ. එහි ප්‍රතිඵලයක් ලෙසට බොහෝ විට සිදු වන්නේ ලිංගික ජීවිතයේ අසාර්ථකත්වයන් හේතුවෙන් මතුවන පීඩාකාරී ගැටළු මුල් කරගෙන විවාහ ජීවිතය දෙදරා යාමට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වීම යි.
ඉහත සඳහන් කරන ලද ප්‍රධාන කරුණු අතරට පහත සඳහන් කාරණා ද වැදගත් වේ.එ නම් සාර්ථක ලිංගික ජීවිතයක් පවත්වාගෙන යාමට බාධා ගෙන දෙන තවත් සුවිශේෂී තත්ත්වයන් කිහිපයකි එනම් ,
1)ලිංගිකව එක් වීමට යන අවස්ථාවකදී තමාගේ සහකරු හෝ සහකාරිය නිසි ලෙස තෘප්තියට පත් කිරීමට හැකියාවක් නොලැබේ ද යන සැකයයි .මෙය බොහෝවිට බොහෝ විට තරුණ වයසේ පසු වන උදවිය තුළ දක්නට ලැබෙන තත්ත්වයක් වන අතර ,ඇතැම් උදවිය එම සැකය මගහරවා ගැනීම විවාහයට පෙර ලිංගික එක්වීමකට උත්සහ කිරීම තුළින් සිදුවන අසාර්ථක වීමක් හේතු කර ගෙන තව තවත් කාංසාවට පත්වේ.
2)ලිංගික එක්වීමකදී සිදුවන අසාර්ථක වීමක් හේතුවෙන් ඉන්පසුව සිදුවන අනෙකුත් ලිංගික එක් වීම් වලදීද තමන් අසාර්ථක වී යන වේය යන බිය ඇති වීම
3)ලිංගික එක්වීමකදී ස්වාමිපුරුෂයා සහ බිරිඳ අතර ඇති වන දුර්වල සන්නිවේදන තත්ත්වය ලිංගික ජීවිතයක පීඩා ගෙන දෙන සහ අසාර්ථක ලිංගික එකතු වීමක් කෙරෙහි බලපාන මූලික කාරණාවකි .මෙහිදී දෙදෙනාගේ අන්‍යොන්‍ය කැමැත්ත කුමක්ද,අකමැත්ත කුමක්ද සහ ඒ මොහොතේ දී තම සහකරුට හෝ සහකාරියට අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ තෘප්තියක් ද යන්න නිවැරැදිව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ලිංගික ජීවිතයේ සතුට ගිලිහී යයි.
4)තමා කෙරෙහි පවතින යම්කිසි වරදකාරී සිතුවිල්ලක් වුව ද ලිංගික ජීවිතයේ සතුට මකා දැමිය හැක.එනම් තමා අතින් සිදු වූ යම්කිසි ය වරදක් පිළිබඳව වරදකාරී මානසිකත්වයක් තුල ජීවත් වීම සහ එම හේතුව මූලික කර ගනිමින් සිතින් පීඩා විඳීමයි.උදාහරණයක් ලෙස තම ස්වාමි පුරුෂයා හෝ බිරිඳ විවාහ කර ගැනීමට පෙර යම්කිසි ලිංගික ඇසුරක් පවත්වන පුද්ගලයෙක් විවාහයෙන් පසු ව ඒ පිළිබඳ ව කනගාටු වීම දැක්විය හැක.
5)ලිංගික එකතු වීමකදී බිරිඳ සහ සැමියා අතර පවතින අන්‍යෝන්‍ය ආකර්ෂණය ඉතා වැදගත් සාධකයකි.මෙහිදී ප්‍රධානතම කරුණ බවට පත් වන්නේ දෙදෙනාගේ පිරිසිදුකම සහ කායික ආකර්ෂණයයි.එම ආකර්ෂණය නොතිබීම හේතුවෙන් සාර්ථක ලිංගික ඇසුරක් කිරෙහි අවශ්‍ය මූලික පසුබිම නිර්මාණය වීම ගිලිහී යයි .
6)ලිංගික ඇසුරක් පැවැත්වීමට යෑමේදී පවතින ලැජ්ජාශීලී බව ද සාර්ථක ලිංගික තෘප්තියක් ලැබීමට අවශ්‍ය මාර්ගය අවහිර කරයි මෙම තත්වය මග හරවා ගැනීම සඳහා ලිංගිකත්වය පිළිබඳ නිවැරදි අවබෝධය ඉතා වැදගත් වේ.
ඉහත සඳහන් කළ බොහෝ කාරණා හේතුවෙන් සාර්ථක ලිංගික ජීවිතයක් සහ විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන යහපත් පරිසරය ගිලිහි යන අතර එවන් මානසික පීඩාකාරී තත්වයන්ගෙන් පෙලෙන බොහෝ දෙනෙක් තමාගේ ගැටළුවට නිවැරදි විසඳුම් සොයා ගත නොහැකිව විවාහ ජීවිතය තුළ අතරමං වේ.මනෝ උපදේශනය තිබෙන්නේ මෙම මෙවන් වූ ගැටලු කෙරෙහි නිවැරදිව ප්‍රවිෂ්ට වීමටයි.එමගින්, පවතින ගැටළුව නිවැරදිව හඳුනා ගැනීමටත් ,එම ගැටළුවට අවශ්‍ය වඩාත් සුදුසුම විසඳුම සොයා ගැනීමටත් ,එම විසඳුම කරා යාමට අවශ්‍ය කරන මාර්ගය නිවැරැදිව හඳුනා ගැනීමටත් ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.වෘත්තීය මනෝ උපදේශනය තුළ විශ්වාසනීයත්වය යනු මූලික කාරණාවක් වන අතර වෘත්තීය මනෝ උපදේශකවරයා තම වෘත්තිය තුළ තිබෙන ආචාර ධර්ම අනුව හැම මොහොතකම කටයුතු කිරීම හේතුවෙන් ඔබේ විවාහ ජීවිතය තුළ තිබෙන ලිංගික ගැටලු වලට ඉතා නිවැරදි විසදුම් සොයා ගැනීමට ඔබ වෙත සහයෝගය දක්වයි .

