මෙන්න මේ තත්වය මනෝවිද්‍යාව ඇතුලේ අපි කියනවා "කාය රූපික අක්‍රමිකතාවය" කියල.එහෙමත් නැත්තන් Somatoform Disorder කියල.මේක සාමාන්‍ය මානසික අසනීපයක් මිසක් මහා ලොකුවට බය වෙලා දගලන්න අවශ්‍ය තත්වයක් නෙවෙයි.මේ අසනීප තත්වය නිසා අසනීපෙන් පෙලෙන කෙනාට එක එක විදිහේ කායික අපහසුතා දැනෙන්න ගන්නවා.ඒකට හේතුව පොත්පත් වලින් එක එක අසනීප ගැන දැනගන්න තොරතුරු,තවත් එක එක ක්‍රමවලින් අසනීප තත්ත්ව ගැන අහල, බලල ඉගන ගන්න දේවල් වගේ විවිධ හේතු බලපානවා.ඉතින් පොඩි හරි වෙනසක් දැනුන ගමන් ඕන්න ඉතින් තමන් අර අහල,බලල දැනගත්ත දැනුමත් එක්ක තමන්ට දැනෙන වෙනසත් සංසන්දනය කරලා බලන්න පෙළබෙනවා.එතකොට ඉතින් නැති ලෙඩ හැදෙන එක අහන්න දෙයක් නෑනේ.හැබැයි ඉතින් මේ ඔක්කොම ලෙඩ හැදෙන්නේ කය මූලික වෙලා නෙවෙයි.තමාගේ හිත මූලික වෙලා.ඉතින් මේ වගේ වෙලාවක කරන්න තියන හොදම දේ තමා දොස්තර මහත්තුරු හොයාගෙන රට වටේ ගිහින් කාලයයි,මුදලයි,ශ්‍රමයයි නාස්ති කරගන්නේ නැතුව නිවැරදි අවබෝධයෙන් කටයුතු කරන එක.එහෙම කියල හිත හදාගන්න අමාරුම නම් කරන්න තියන හොදම වැඩේ තමා සුදුසුකම් ලත් ,පළපුරුදු මනෝ උපදේශකයෙක් මුණගැහෙන එක. එහෙම වුනොත් හරියටම ඔබේ ප්‍රශ්නෙට විසදුම හොයාගන්න පුළුවන්.හැබැයි හොදට මතක තියාගන්න මනෝ උපදේශක ඔබට පවරන ගෙදර වැඩ උනන්දුවෙන් කරන්න.මොකද ඔබේ උනන්දුව සහ කැපවීම මත තමයි ඔබ ඉන්න අපහසු තත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ.