දහසක් ප්‍රශ්න වලින් හිත පිරිලද? එහෙනම් මේක බලන ( This is for the peaple who suffering with problems in life)

 
ප්‍රශ්න නම් කාටත් පොදුයි කියල තමා අපිට මේ කාරණාව ගැන කතා කරන්න වෙන්නේ....

හැබැයි ඒ කාටත් පොදු ප්‍රශ්න වල සොභාවයන් එකිනෙකට වෙනස්.. මට තිබෙන ප්‍රශ්නය නොවෙන්න පුළුවන් ඔබට තියෙන්නේ. ඔබට තියන ප්‍රශ්නය නොවෙන්න පුළුවන් මට තියෙන්නේ..

අපි දෙන්නටම තියන ප්‍රශ්න නොවෙන්න පුළුවන් වෙන කෙනෙකුට තියෙන්නේ.. එකයි කිව්වේ ප්‍රශ්න නම් කාටත් පොදුයි හැබැයි ප්‍රශ්න වල සොභාවය විවිධයි කියල..

එක අතකින් ගත්තම බුදු දහමට අනුවනම් ඉපදීමම ප්‍රශ්නයක්.. දුකක්.. වේදනාවක්..
හැබැයි කරන්න දෙයක් නෑ , මනුෂ්‍යයෙක් විදිහට ඉපදුනාම එදිනෙදා ජීවිතේ මේ විදිහට මුහුණ දෙන්න සිද්ද වෙන ප්‍රශ්න වලට කොහොම හරි මුහුණ දෙන්නම වෙනවා..
හැබැයි මේ හැම ප්‍රශ්නයකටම කොහේ හරි විසදුමක් තියනවා.. ගොඩක් වෙලාවට ඒ විසදුම තියෙන්නේ ඔබ තුලම තමා..
කොහොමද එහෙම කියන්නෙ..  මේකත් හරියට ප්‍රෙහෙළිකාවක් විසදනවා වගේ වැඩක්...
ඔබ ප්‍රෙහේලිකා විසදලා තියනවනම් හරි එහෙම විසදන්න උත්සහ කරල තියනවනම් හරි දන්නවා ඇති ඒක වෙලාවකට හරි සංකීර්ණයි.. වෙලාවකට හරි ලේසි.. හැබැයි එක දෙයක් , ප්‍රෙහෙලිකාව විසදන්න ලේසි ඔබ හොද ඇසු පිරු ඇති කෙනෙක්නම්.. ඒ කියන්නෙ විවිධ දේවල් ගැන හොදට දන්න කියවල තියන කෙනෙකුට නම්..
ජීවිතෙත් ඒ වාගේ තමයි.. ඔබ ලබන විවිධ ජීවන අත්දැකීම් එක්ක ඔබට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලින් ගොඩ එන්න පහසුයි...

හැබැයි මේක හැමෝටම ඒක වගේ කරන්න පුළුවන් දෙයක් නෙවේ.. සමහර වෙලාවට මොන ජීවන අත්දැකීම තිබුනත් ඔබට තියන ප්‍රශ්න තනියම විසදගන්න අමාරුයි.. ඒකට කගේ හරි සහයෝගයක් අවශ්‍ය වෙනවා.

ප්‍රශ්න වලින් හිත පිරුණම ඔබේ දෛනික ජීවිතේ පවත්වාගෙන යන්න ඕනි නිරවුල් මානසිකත්වය දුර්වල වෙන්න ගන්නවා.. සාමාන්‍ය ආකාරයට කරගෙන ආව ගොඩක් දේවල් අතපසු වෙනවා , අවුල් වෙනවා , අමතර වෙනත් ප්‍රශ්න මතුවෙනවා...
ඒකට හේතුව ඔබ යම් විසදුමක් නැති ගැටළුවක් එක්ක මානසිකව පොර බදනකොට ඔබේ මනස දැඩිව පීඩාවට පත් වෙන නිසා.. ඒකත් එක්ක ඔබට අවශ්‍ය මානසික නිදහස , මානසික ඒකාග්‍රතාවය නිරවුල්ව තියා ගන්න බැරි වෙනවා..
ඔබ මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නනම් අපි මේ කියන දේ තේරෙන්න ඕනි..

සමහර ප්‍රශ්න තියනවා ඔබට මතුවෙන ගැටලුකාරී වාතාවරණය උග්‍ර වෙලා මතුවෙන භයානක අවස්ථා එක්ක මතුවෙන.. විෂාදය , කාංසාව වගේ දේවල් තමා ඒ.. 
ඒ වගේ තත්වයකට පත් වුනොත් ප්‍රශ්නය පහසුවෙන් විසදගන්න තනියම අමාරුයි...
මනෝ විද්‍යාත්මක උපදේශනය කියන්නෙ මෙන්න මේ වගේ ඔබට තනියම විසදගන්න අමාරු ගොඩක් ප්‍රශ්නවලට විද්‍යාත්මක ක්‍රමවේදයක් මත විසදුම් හොයාගන උදවු කරන ක්ෂේත්‍රයක්...

මේක හරියට ඔබ කැළයක් ඇතුලේ අතරමන් වෙලා යන්න ඕනි හරි පාර හොයාගන්න බැරුව අසරණ වෙලා ඉන්න වෙලාවක කැලේදීම මුණගැහෙන කැළේ හොදට හුරු පුරුදු කෙනෙක් එක්ක ඔබට කැලෙන් එලියට යන්න ඕනි කරන සිතියම ඔබ දෙන්නම එකට එකතුවෙලා හදනවා වගේ වැඩක්..
මේක තව ටිකක් පැහැදිලි කරන්න ඕනි.. මෙතැනදී වෙන්නේ මනෝ උපදේශක ඔබට යන්න පුළුවන් විවිධ විසදුම් ගැන ඔබ සමග කථා කරන එක.එතනදී ඔහු කොයිම වෙලාවකවත් කියන්නෙ නෑ ඔබ මේ විසදුමට යන්න, මේ විසදුමට යන එක අනිවාර්යෙන්ම කරන්න කියල..
ඔහු කරන්නේ ඔබට විසදුම පෙන්නන එක විතරයි.. ඔබයි අවසානයේ තීරණය කරන්න ඕනි ඔබට ගැලපෙන වඩාත් හොද විසදුම මොකද්ද කියන එක.
අනික් කාරණාව මෙහෙම විසදුම් හොයන එක එක දවසින් කරන්න පුළුවන් දේකුත් නෙවෙයි.. අවස්ථා කීපයක් ඔබ මනෝ උපදේශකත් එක්ක මේ කාරණා පිළිබඳව කතා බහ කළයුතුයි.. විසදුමට යන්න අවශ්‍ය කාලය බොහොම ඉවසීමෙන් ලබාගතයුතුයි..
සමහර ප්‍රශ්ණ තියනවා කොහොමටවත් ඔබට තනියම විසදගන්න බැරි.. ඒ ප්‍රශ්න මතුවෙන්නේ ඔබේ මොලය තුල සිදුවන රසායනික විපර්යාස නිසා.. මේවා මානසික රෝග ගණයට වැටෙන ප්‍රශ්න.. 
මේවගේ වෙලාවකට මනෝ උපදේශනය, මනෝ ප්‍රතිකාර ලැබීම ඉතාමත් අවශ්‍ය වෙනවා..
අනික් වැදගත්ම දේ ඔබ හොදින්ම තේරුම් ගන්න ඕනි දේ තමා කලින් කිව්වා වගේ මානසික රෝග ගණයට වැටෙන ප්‍රශ්නවලට මනෝ උපදේශනය මැදිහත් වුනාට මනෝ උපදේශක ලගට එන හැමෝම මානසික රෝගීන් නොවෙන බවත්..
මොකද ගොඩක් වෙලාවට මනෝ උපදේශකවරයෙක් ලගට ඇතැම් අය නොයන්නේ තමන්ට මානසික ලෙඩක් නැහැයි කියන තර්කෙත් එක්ක..

ඒක කිසිම පදනමක් නැති ප්‍රකාශනයක්.. ඒකට හේතුව මනෝ උපදේශක කරන්නේ ඔබේ මනස ඇතුලේ ඔබට වද දෙන ඕනෑම ප්‍රශ්නයක් නිවැරදිව තේරුම් අරගෙන ඔබත් සමගම එකට එකතුවෙලා ඔබට සුදුසු වඩාත්ම නිවැරදි විසදුම විද්‍යාත්මකව හොයන එක.. හොදට මතක තියා ගන්න මේක කෙරෙන්නේ වෘතීය මට්ටමින් සහ විද්‍යාත්මක පසුබිමක් උඩ.. ඒ නිසා ඔබ මානසික රෝගියෙක් උනත් , නොවුනත් මනෝ උපදේශනය ඇතුලේ ඔබට ගැලපෙන හොදම විසදුම හොයා ගන්න පුළුවන්..
හැබැයි ඔබ වෘතීය මනෝ උපදේශකයෙක් ලගට තමා යන්න ඕනි.. ඔහු වෘතීය වශයෙන් ඔබේ පෞද්ගලිකත්වය, ඔබේ අවශ්‍යතා විමසල බලන්න, ඔබේ ප්‍රශ්නය නිවැරදිව හදුනාගන්න, ඔබට අවශ්‍ය සහකම්පනය දක්වන්න පුහුණු වෙලා ඉන්නවා..

ඔහු ඔබට උපදෙස් දෙන කෙනෙක් නෙවයි.. ඔබට ඔබේ ප්‍රශ්නයට විසදුම් හොයන්න සහයෝගය දෙන කෙනෙක්.. ඔබත් සමග සැලසුම් සකස් කරන කෙනෙක්..
ඒ නිසා මෙච්චර කාලයක් ප්‍රශ්න එක්ක පීඩා විඳලා තවමත් නිවැරදි විසදුමක් නොලැබුනානම් අද හිතල බලන්න මේ කතා කරපු මාර්ගය ගැනත්... ඒ තුල ඔබට අලුත් දොරක් ඇරෙයි..




Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post