කැරපොත්තන්ට ගොඩක් බයද...? (Learn about Simple Phobia )



සමහර අයට තියන ප්‍රශ්නයක් තමයි මේක.. කරපොතෝ විතරක් නෙවෙයි.. හුනෝ , කූඩැල්ලෝ , මීයෝ ,පත්තෑයෝ වගේ සත්තු දැක්කම මරලතෝනි දීල කෑගහනවා...
ඔබ ඕනි තරම් මේ වගේ අය දැකලත් ඇති, ඒ වගේ අය ගැන අහලත් ඇති..
ඔබට මේ වගේ ප්‍රශ්නයක් නැත්තන් සමහර විට අනික් අය එහෙම හැසිරෙනවා දකිනකොට ඒක නිකන් විහිළුවක් වගේත් දැනෙනවා ඇති..
ඔබට හිතෙනවා ඇති මේ පොඩි සතාට ඔච්චර බයවෙන්න තරම් හේතුව මොකද්ද කියල..

සමහර අය ඉන්නවා ගැහැණු පිරිමි බේදයක් නෑ හොද උස මහත , හොඳ ශරීර ශක්තියක් තියන අය. මේ වගේ අයත් මේ විදිහට බය වෙනවා..
හැබැයි මෙන්න මේ දේත් කියන්න ඕනි.. මේ තත්වය වැඩිපුරම දකින්න තියෙන්නේ පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය ළඟ.
කුඩා කාලෙන් පටන් ගන්න මේ භය වැඩිහිටි වයසට එනකොටත් ඒ විදිහටම තියනවා..
මේක අපි හිතනවට වඩා මේ තුලින් පීඩා විදින කෙනා හරි අපහසුතාවයට පත් කරවන  තත්වයක්.
මේ විදිහට පුංචි පුංචි සත්තුන්ට භය වෙන එකට ප්‍රතිකාර මනෝවිද්‍යාවේ සහ උපදේශන මනෝවිද්‍යාවේ දී කියන්නෙ SIMPLE  PHOBIA කියල..
මේක PHOBIA කියන කාණ්ඩයේ එක කොටසක්.. මේකට අදාළ තව කොටස් තියනවා.අපි ඒවා ඉදිරියට එන ලිපි වලින් කතාකරමු.
මේ SIMPLE PHOBIA කියන කොටසේත් අපි මේ කතා කරන කැරපොත්තෝ, හුනෝ වගේ පුංචි පුංචි සත්තුන්ට භය වෙන එක තවත් එක කොටසක් විතරයි..
මේ SIMPLE  PHOBIA  වල තව අතුරු කොටස් තියනවා.. උදාහරණ විදිහට ගත්තොත් ලේ ගලන තුවාලයක් දකින එක.. සමහර වෙලාවට තුවාලයක්ම වෙන්න ඕනි නෑ කුප්පියකට දාලා තියන ලේ ටිකක් දැක්කත් ඇති භය වෙලා කලන්තේ දාලා වැටෙනවා..
තව දෙයක් තමයි දන්ත ශල්‍ය කටයුතු.. දත් ගලවන්න,දත් පුරවන්න වගේම දත් ආශ්‍රිත ඕනිම දෙයක් කරන්න ලොකු භයක් තියන අය සමාජයේ ඉන්නවා.
අනික් හොදම දේ තමයි වහින වෙලාවට ගොරවනකොට, අකුණු ගහනකොට භය වෙන අය.. මේ වගේ අවස්ථා හරිම පීඩාකාරී..

ඔබ දැකල ඇති සමහර අය ඉන්නවා ඉහල ස්ථානයකට යන්න ලොකු භයක් දක්වනවා. සමහර අය ඉන්නවා වැඩි උසක් නගින්න ඕනි නෑ සාමාන්‍ය උසක් තියන පඩිපෙලක් නගිනකොටත් හිතනවා තමන්ගේ කකුල් දෙක පණ නැතිවෙලා  බිම ඇදගෙන වැටෙයි කියල..
මෙන්න මේ හැම එකක්ම අපි කතා කරපු SIMPLE PHOBIA වලට අයිති වෙන කොටස්..
මේක මෙහෙම වෙන්නේ ඇයි.. ?මේක මානසික ලෙඩක්ද..? සමහරවිට කෙනෙක් අහන්න පුළුවන් එහෙම..
මේක එහෙම වෙන්නේ එහෙම තත්වයක්ක් තියන කෙනා තමන්ගේ පුංචි කලේ මේ වගේ අවස්ථාවකට මුහුණ දීල ලබන නරක අත්දැකීමක් නිසා ඒ ඇතිවන භය හරි පීඩාකාරී මානසික තත්වය හරි ඒ වෙලාවේ යතා තත්ත්වයට පත් වෙන්නේ නැතිව ඔබේ යටි හිතට තදින් කා වදින නිසා.. යටි හිත හරි ප්‍රභල වෙන්නේ ඒකයි..

යටි හිතේ තියන දේවල් කාලයක් උනත් පවතින්න පුළුවන්..ඒකයි වැඩිහිටි වයසෙදිත් මේ වගේ අපහසුතාවලට මුහුණ දෙන්නේ..
ඊලග කාරණාව මේක මානසික ලෙඩක්ද කියන එක.. ඒකට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්... මානසික ලෙඩ ප්‍රධාන කොටස් දෙකක් තියනවා..
එකක් තමයි නියුරෝෂීය මානසික ආබාධ.. අනික තමයි සයිකෝෂීය මානසික ආබාධ.. මේ දෙකෙන් කෝකද ඔබට අදාළ වෙන්නේ..
SIMPLE PHOBIA කියන්නෙ නියුරෝෂීය මානසික ආබාධ කොටසට..
දැන් මෙහෙම මානසික ආබාධ කියන වචනේ පාවිච්චි කරාම ඔබ කලබල වෙනව ඇති. එහෙම වෙන්න ඕනි නෑ. ගොඩක් වෙලාවට මේ නියුරෝෂීය ආබාධ වලට බෙහෙත් ගන්න ඕනි නෑ. අපි මේ කතා කරන SIMPLE PHOBIA වලට කොහොමත්ම බෙහෙත් ගන්න ඕනි නෑ.
කරන්න තියන හොදම දේ ඔබට මේ තත්වේ නිසා ගොඩක් මානසිකව පීඩාකාරී විදිහට බලපානවානම් දන්න කියන හොද වෘතීය මනෝ උපදේශකවරයෙක් මුණගැහෙන එක.

මනෝ උපදේශනය කියන්නෙ මානසික ලෙඩ වලටම විසදුම් දෙන දෙයක් නෙවෙයි.. ඔබට විසදා ගන්න බැරි පීඩාකාරී මානසික තත්ත්ව වලදී ඒ තත්වයෙන් ගොඩ එන්න විසදුම් හොයාගන්න පුළුවන් හොදම ක්‍රමය.
මනෝ උපදේශක ලගට ගිහාම උපදේශක වරයා ඔබත් එක්ක කතා කරයි.. පොඩි  පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරයි.. මේ විදිහට දෙතුන් පාරක් මනෝ උපදේශකත් එක්ක කතාබහ කරනකොට ඔබට නිකම්ම ඔය ගැටලුවෙන් ගොඩ එන්න පුළුවන්..
ඒ නිසා තවත් මේ වගේ පොඩි දෙයක් නිසා මානසික පීඩාවෙන් කාලය ගත කරන්න අවශ්‍ය නෑ. හරි අවබෝධය සහ අවශ්‍ය පුහුණුව හරි විදිහට ලැබුවට පස්සේ බොහොම පහසුවෙන් මේ තත්වයෙන් ගොඩ එන්න පුළුවන්..





Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post