Husband ගේ ආදරේ අඩුවෙලාද...? ( Do you feel that your Husband's love is limited ? )



ආදරේ විදින්න කවුද අකමැති.. මේ ලෝකේ තියන සුන්දරම දේවල් අතරේ මුල්ම වටිනාකම් එකතු කරන්න පුළුවන් දේවල් වර්ග කරන්න කිව්වොත් ආදරේ කියන දේට ලැබෙන්නේ ලොකු තැනක්..
මේකම අපි ප්‍රේමය කියන වචනෙනුත් හදුන ගන්නවා.. මේ ආදරය,ප්‍රේමය කියන වචන වල ලොකු බරක් තියනවා කියල ඔබට හිතිල නැද්ද? අපි එහෙම කියන්න හේතුව , මේ ආදරේ කියන , ප්‍රේමය කියා මාතෘකාව තවත් අතුරු කොටස් කීපයකට වෙන් කරගන්න පුළුවන් නිසා.
ඒ විදිහට වෙන්කරගත්ත අතුරු කොටස් අතරට මිත්‍ර ප්‍රේමය, සහෝදර ප්‍රේමය, මාතෘ , පීතෘ ප්‍රේමය , ආධ්‍යාත්මික ප්‍රේමය වගේ විශේෂ ස්වරුපයේ කොටස් වෙන් කරගන්නත් පුළුවන්.
හැබැයි අද කතා කරන්න යන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් අතර ඇතිවන ආදරය එහෙමත් නැත්තන් ප්‍රේමය ගැන.. උඩින් තියන්න මාතෘකාවට එන්න කලින් ඔබ මෙන්න මේ ටිකත් දැනගෙනම ඉන්න වෙනවා..

අපි මේ කතා කරන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පදනම් වෙන මූලික කාරණාවක් තියනවා. ඒ තමයි ලිංගිකත්වය. මනුෂ්‍යා තුල ඇතිවන අනික් හැම බැදීමකටම වඩා මෙන්න මේ බැදීම හරි ප්‍රබලයි..
ලිංගිකත්වය පදනම් වෙච්ච ප්‍රේමනීය බැදීමකදී වෙන්නේ එක් පාර්ශවයක් විසින් අනික් පාර්ශවය තමන්ගේ ග්‍රහණයට ගැනීමට කරන උත්සහයක්.. ඒක ඇතුලේ ලිංගික සන්තර්පනයක් ලැබීම ප්‍රධාන අරමුණක්.
මෙන්න මේ නිසා මේ තත්වය අපි හදුනා ගන්නවා ආසක්ත ප්‍රේමය(SENTIMENTAL  LOVE) එහෙමත් නැත්තන් අනුරක්ත ප්‍රේමය (PASSIONATE  LOVE) කියල. 
මෙතනදී ගොඩක් වෙලාවට උද්දීපනය වෙන හැගීම් වලට වැඩි ඉඩක් ලැබෙන, කායික වශයෙන් දැකීම,ස්පර්ශය, සුවද විදීම , එකිනෙකාගේ හඬ ඇසීමට අවශ්‍ය වීම,  වගේ අවශ්‍යතා වලට වැඩි පෙළඹවීමක් කරන ස්ත්‍රී පුරුෂ ආකර්ෂණයක් ගොඩනැගෙනවා..මේක ගොඩක් වෙලාවට මානසික පෙළඹවීමක් විදිහට ගනවට වඩා සුදුසු වෙන්නේ කායික විද්‍යාත්මක සහ ජෛන රසායනික පෙළඹවීමක් හැටියට ගන්න එක..
මේ වගේ ආදරයක් තමයි නව යොවුන් වයසේ ඉන්න තරුණ පිරිස් අතර ඇතිවෙන්නේ.. අනික් කොටස තමයි විවාහ අපේක්ෂාවෙන් ඉන්න පිරිස. මේ උදවිය ලග අපි මේ කතා කරපු අනුරක්ත ප්‍රේමයේ එහෙමත් නැත්තන් SENTIMENTAL LOVE එකේ ලක්ෂණ බොහොම වැඩි...

ආදරේ කරපු අය දන්නවා මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියල..

හැබැයි කාලෙත් එක්ක මෙන්න මේ තත්වේ වෙනස් වෙනවා.. පුද්ගලයා දවසින් දවස පරිනත වෙනකොට මේ SENTIMENTAL LOVE එක වෙනස් වෙලා ඒක COMPASSIONATE  LOVE කියන තත්වෙට පත්වෙනවා..
මොකද්ද මේ COMASSIONATE  LOVE එහෙමත් නැත්තන් දයානුකම්පිත ප්‍රේමය කියල කියන්නෙ..
මේකට හොදම උදාහරණය ඔබේ මව සහ පියා, එහෙමත් නැත්තන් ආච්චි සීයා..
හොදට බලන්න්න ඔබ තරුණ කලේ ආදරේ කරන විදිහට, ඔබ කසාද බදින්න කලින් හරි කසාද බැඳපු මුල් කාලේ හරි ගත කරපු කාලේ හිටපු විදිහට ඒ අය හැසිරෙනවද කියල.. මම ඕනි විවාදෙකට කැමති.. මම කියනවා ඒ අය දැන් ගත කරන්නේ හරිම වෙනස් ජීවිතයක්.. ඒ අය දැන් ඒ ආදරේ විදින විදිහ හරි වෙනස්.. හරි ගැඹුරුයි..
මෙන්න මේකට තමා දයානුකම්පිත ආදරේ , එහෙමත් නැත්තන් COMPASSIONATE  LOVE  කියල කියන්නෙ..

මේ දයානුකම්පිත කියන වචනේ ඇතුලේ මතුවෙන අර්ථය තමයි “කරුණාව”  කියන දේ.. මෙතන අපි අර මුලින් කතා කරපු රාගික බව එහෙමත් නැත්තන් පුද්ගල ශරීරයට ආකර්ෂණය වීම, ලිංගික සන්තර්පණය ප්‍රාර්ථනා කිරීමක් හරිම අඩුයි.. ඒකට හේතුව අපි මේ කියන දයානුකම්පිත ප්‍රේමය ඇතුලේ තියනවා හරිම ගැඹුරු ලෝකෝත්තර අවබෝධයක්..
තරුණ කාලේ ඇතිවෙච්ච ප්‍රේමයට වඩා ගොඩක් ගැඹුරු මානසික බැඳීමක් අපි මේ කතා කරන දයානුකම්පිත ප්‍රේමය ඇතුලේ තියනවා..ඒ නිසා මේක ගොඩක් පරිනත අවස්තාවක්..
ඔන්න දැන් තමා අපි මාතෘකාවට අදාළ කොටස කතා කරන්න ලැස්ති වෙන්නේ...
අපි දැන් කතා කරා අනුරක්ත ප්‍රේමය සහ දයානුකම්පිත ප්‍රේමය කියල කොටස් දෙකක්..
ඔබ හොදට හිතල බලන්න අලුත බැඳපු ජෝඩුවක් බැඳපු මුල් කාලේ අපි අර කතා කරපු අනුරක්ත ප්‍රේමය ඇතුලේ කොච්චරනම් සතුටක් ලබනවද කියල..ඒකට හේතුව තමා මේ..

ඒ කාලේදී ඔවුන් හිතනවා තමා තනිවෙලා ඉදල තමාගේ තනියට ලැබුන මේ වස්තුව නැතිකරගන්න බැහැ කියන දේ සහ තමන්ගේ ප්‍රේමවන්තයා හරි ප්‍රේමවන්තිය හරි කොයිම මොහොතක හරි තමන්ට අහිමි වෙයි කියල..
මේ තත්වෙත් එක්ක ඔවුන් මේ අනුරක්ත ප්‍රේමයට යොමුවෙන එක සිද්ධ වෙනවා. ඒක එහෙම වෙන එක හරිම සාමාන්‍යයයි.. ඒක එහෙම නොවෙනවානම් තමා තත්වේ අසාමාන්‍ය වෙන්නේ..
හැබැයි ඒ ජෝඩුවම ටික කාලයක් ගිහින් දරුවෝ ලබල , දරුවෝ උස් මහත් වෙලා , අධ්‍යාපනය ලබන වයසට එනකොට බැඳපු මුල් කාලේ විදිහට හැසිරෙනවද?
නෑ.. ඒක ගොඩක් වෙනස් වෙනවා.. ඒක තමා දයානුකම්පිත ප්‍රේමයට හැරෙනවා කියල කියන්නෙ.. ඒක හරිම ගැඹුරු මානසික පරිවර්තනයක්.. ඒකට පුද්ගලයා තුල ගොඩ නැගෙන ජීවන අත්දැකීම් එකතු වෙච්ච පරිනත බවක් අවශ්‍ය වෙනවා..

ඒකත් එක්ක තමා ඒ වගේ අවස්තාවක් උදාවෙන්නේ..මෙතනදී ගොඩක් වෙලාවට ඉස්සර වගේ ප්‍රේමාන්විත සංවාදයන් ගොඩ නොනැගුණත්,කායික සමීපත්වය සහ ලිංගික සම්බන්ධතාවයක් හරිම අඩුවෙන් සිද්ධ වුනත් ඔවුන් දෙදෙනා තුල ඇතිවෙන අන්‍යෝන්‍ය අවබෝධය අර හැමදේටම වඩා ගොඩක් වැඩි , ගොඩක් ගැඹුරුයි..
මෙන්න හොදම කාරණාව.. ස්ත්‍රී පක්ෂය මේක හොදට මතක තියාගන්න..
අපි මේ කතා කරපු අනුරක්ත ප්‍රේමයෙන් දයානුකම්පිත ප්‍රේමයට පරිවර්තනය වීමේ හැකියාව පිරිමියා තරමටම ඔබට නැහැ.. ඒක ස්ත්‍රී පක්ෂය පරිනාමය වෙනකොටම අවුල් වෙච්ච තැනක්.. ඒ නිසා ඔබේ ස්වාමිපුරුෂයා අපි මේ කතා කරපු දයානුකම්පිත ප්‍රේමයේ ඉහලම තැනක ඉන්නකොට ඔබ යම් තරමකට අනුරක්ත ප්‍රේමයටත් ඇලුම් කරනවා...
මේකේ ඇත්ත නැත්ත ඔබ ස්වයං විවේචනයක් මගින් විමසල බලන්න.. අපි මේ කතා කරන්නේ මනෝවිද්‍යාත්මක කාරණයක් මිසක් ස්ත්‍රී පෞර්ෂය පහත දාන කාරණාවක් නෙවෙයි.. නමුත් ඒක එහෙම තමා..
ස්ත්‍රිය කැමති තමන් වයසෙන් මුහුකුරා ගියත් තමන්ගේ ආදරණීය සැමියා එක්ක ඉස්සර වගේ තනිවෙලා හුරතලේට කතා කරන්න , ටිකක් තුරුල් වෙලා ඉන්න , සමහර වෙලාවට ඉස්සර වගේ තමන්ගේ ස්වාමියාත් එක්ක සුන්දර රති කෙලියකටත්..
නමුත් බොහෝ පුරුෂයන් මේ තත්වයට පෙළඹෙන්නේ ටිකක් අඩුවෙන්.. ඒකට හේතුව අපි අර කතා කරපු හේතුව.. හැබැයි මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට බොහොම සීමා සහිත විදිහට වෙනස් වෙන්න පුළුවන්.අපි මේ කතා කරේ සමස්තයක් විදිහට දකින්න පුළුවන් තත්වය.
කොහොම වුනත් මේ කාරණාව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම තේරුම් ගන්න ඕනි දෙයක්.. මෙන්න මේ අවබෝධය නැති නිසා ගොඩක් වෙලාවට විවාහ වෙලා පවුල් ජීවිතේ භාගයක් ගෙවාගෙන ගිහින් දරුවන් පවා අසරණ කරල වෙන් වෙන්න හදන වැඩිහිටියෝ ඉන්නවා.. ඇයි හේතුව ..?
සමහර විට ස්ත්‍රිය බලාපොරොත්තු වෙන ආදරේ ස්වාමියාගෙන් නොලැබෙන නිසා.. ස්වාමියාට බිරිඳ වදයක් වගේ පේන්න ගන්න නිසා.
මෙහෙම වුනාම අනියම් සම්බන්දතා ගොඩ නැගෙන්න ඕනි කරන පාර නිකම්ම හැදෙනවා.. එකේදී මම කියන්නෙ නෑ හැම පිරිමියම දයානුකම්පිත ප්‍රේමයේ ඉහලින් ඉන්නවා කියල.. කොච්චර පරිනත වුනත් වරදට යොමුවෙන පිරිමි ඕනි තරම් ඉන්නවා. නමුත් බහුතරයක් තමන්ගේ වයසත් එක්ක ජීවිතේ ගැඹුරින් බලන්න උත්සහ කරනවා.ඒ වෙලාවට බිරිඳට වඩා සැමියා ආධ්‍යාත්මික වශයෙන් ප්‍රේමය අර්ථකතනය කරන්න උත්සහ ගන්නවා. මේක බිරිඳ තේරුම් ගන්න දක්ෂයි නම් ගොඩක් ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්.. ඒ වගේම ඉතාමත් ගැඹුරු ප්‍රේමයක පහස විදින්නත් පුළුවන්..

අපි අද මේ කතා කරපු මාතෘකාව ඔබට කොච්චර දුරකට ගැලපුනාද කියල දැනගන්න අපි කැමති.. ඔබේ අදහස් එකතු කරන්න පුලුවන්නම් අපි වඩාත් සතුටුයි.. ඒ නිසා අදහස්, යෝජනා, චෝදනා, COMMENTS විදිහට දාන්න පුළුවන් කියලත් මතක් කරනවා. 
ඒ වගේම මේ වගේ ලිපි වැඩි වැඩියෙන් කියවන්න පාඨකයා වෙතට මේක ගෙනියන්න (SHARE කරන්න) ඔබ කටයුතු කරනවානම් ඒක අපිට ලොකු හයියක්.
එහෙනම් තවත් මේ වගේ ලිපියකින් ඉදිරියේදී මුනගැසෙමු..ඔබට ජය...




Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post