Wife ගේ කියවිල්ල අහලම එපාවෙලා ( My Wife is like a Chatterbox )



මේක ගොඩක් පිරිමින්ට තියන විසදුමක් නැති ප්‍රශ්නයක්..සමහරු මේක කරුමෙට බාර දීල ඉන්නවා.


“මහන්සි වෙලා මහන්සි වෙලා වැඩ කරල , හවසට කට කපල පිරුණු  බස් එකේ හරි කෝච්චියේ හරි එල්ලිලා , Traffic එකේ වාහනේ එලවගෙන  හොඳ පණ ගිහින් ගෙදර ආවාමත් මේ ගෑණිගේ කන් කරච්චලේ ඉවරයක් නෑනේ..පුංචි දෙයක් වුනත් කෙටියෙන් කියන්නෙ නැතුව වැල් වටාරම් කියවනවා කිසිම සැනසීමක් නෑ..”

“කියන දෙයක් කෙලින් කියන්නෙත් නෑ.. හිතේ එකක් තියාගෙන හිතේ තියන දේ කියන්න වටේ යනවා. කෙලින් කිව්වනම් කිසි ප්‍රශ්නයක් නෑනේ..”

සාමාන්‍යයෙන් නිතර අහන්න තියන දුක්ගැනිවිලි තමා මේ..

හැබැයි පිරිමි විදිහට ඔබ තේරුම් ගන්න ඕනි දෙයක් තමයි මෙන්න මේ දේ..

මේක තමයි ගැහැණුන්ගේ හැටි...

ඒක ඔබට විතරක් නෙවේ පිරිමි සංහතියටම වෙනස් කරන්න බැරි පොදු ධර්මතාවයක්..

මනෝ උපදේශකවරයෙක් විදිහට මටවත් මේක 100% නැති කරල දාන්න පුළුවන් දෙයක් නෙවෙයි...
හැබැයි පිරිමි විදිහට ඔබ තේරුම් ගතයුතු , මේ කාරණාවේ මනෝ විද්‍යාත්මක පැත්තක් තියනවා.
මේක හරියටම තේරුම් ගන්නනම් අපි යන්න ඕනි මානව පරිණාමයේ මුල් අවදියට..

ඒ කියන්නෙ දඩයම් යුගයට..මෙතැනදී ස්ත්‍රී පක්ෂයේ සහ පුරුෂ පක්ෂයේ හැසිරීම් සොභාවය ගැන විමසිල්ලෙන් බලන එක ගොඩක් වටිනවා..
දඩයම් යුගයේදී දඩයමේ ගියේ කවුද? ඒක ඔබ හොදටම දන්නවා.. දඩයමේ ගිහින් තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න අවශ්‍ය කෑම බීම හොයාගෙන ආවේ පිරිමියා..

එතකොට ගොඩක් වෙලාවට ගැහැණිය මොකද්ද කරේ? ඇය තමන්ගේ දරුවන් බලාගෙන සුරක්ෂිත තැනක තමන්ගේ ස්වාමියා දඩයමේ ගිහින් එනකම් හිටිය..
එතකොට පිරිමියා එක වගකීමක් දැරුවා, ගැහැණිය තවත් වගකීමක් දැරුවා. සරල පවුල් ජීවිතයක අදටත් අපි දකින ගොඩක් ලක්ෂණ මේ දඩයම් යුගයේදීත් තිබුන.
.
දැන් අපි බලමු මෙන්න මේ තත්වය අපි මේ කතා කරන පිරිමින්ට දැඩි පීඩාවක් බවට පත්වෙන තැනට එන්නේ කොහොමද කියල..
දඩයමේ යනකොට දඩයක්කාරයා ගේ චරිත සොභාවය ගැන මේ වෙලාවේදී කතා කරන්නම වෙනවා.

සාමාන්‍යයෙන් දඩයමක් කරනකොට ගොඩක් ලොකු ඉවසීමක් තියෙන්න ඕනි. තමන්ගේ දඩයම එනකන් සංයමයෙන් ඒ දිහා බලාගෙන ඉන්නත් ඕනි..
පොඩ්ඩක් හිත එහෙ මෙහෙ ගියොත් දඩයම වරදින්න තියන ඉඩකඩ වැඩි. එතකොට වෙන්නේ ලොකු පාඩුවක්.. මේ නිසා දඩයමේ යන දඩයක් කාරයා තමන්ගේ මුළු අවදානයම දෙන්නේ තමාගේ දඩයමට විතරයි..

ඒ නිසා පිරිමි මොලේ සකස් වෙන්නේ එක වෙලාවකට එක දෙයක් ගැන හිතන්න,අවදානය දෙන්න පුළුවන් විදිහට..
මෙන්න මේ තත්වය උඩ පිරිමින්ට කෙලින්ම අදහස් ප්‍රකාශ කරන පුරුද්ද එහෙමත් නැත්තන් කියන දේ පොල්ලෙන් ගැහුවා වගේ කෙලින්ම කියල දාන පුරුද්ද ඇතිවෙලා තියනවා. ඒ වගේම කවුරු හරි කියන දෙයක් ඍජුවම කියනවට පිරිමි කැමති.එතකොට තමා ඒක පැහැදිලිවම තේරුම් ගන්න පිරිමින්ට පුළුවන්කම තියෙන්නේ..
හැබැයි ඉතින් අවාසනාවකට වගේ ගැහැණු මීට හාත්පසින්ම වෙනස්..
                 

එහෙම වෙන්න හේතුව අපි අර කතා කරපු දඩයම් යුගයේදී ගැහැණු පුරුදු පුහුණු වෙච්ච සොභාවය..

තමන්ගේ පුරුෂයා දඩයමේ ගියාට පස්සේ දරුවන්ගේ ආරක්ෂාව ගැන බලාගෙන,දරුවන්ට කන්න බොන්න දීල පෝෂණය කරගෙන , තමන්ගේ අසල්වැසි කාන්තාවන් එක්ක අදහස් හුවමාරු කරගෙන, සහයෝගයෙන් කටයුතු කරන්න තමා ගැහැණු පුරුදු වුනේ..
එතකොට මේ විදිහට කියන දේ කෙලින් කියන්නෙ නැතුව වක්‍රව කියල සම්බන්දතා හදාගන්න එක තමා ප්‍රකෝපකාරී විදිහට ඇතිවෙන ගැටුම් අවම වෙලා සම්බන්ධතා හදා ගන්න ලොකු වාසියක් වුනේ..
ගැහැණු ගැහැණු මේ විදිහට වක්‍රව තමන්ගේ අදහස් හුවමාරු කරගන්නකොට ඇතිවෙන්න පුළුවන් ගැටුම් අවම වෙලා ඒ ඒ පාර්ශව අතර සම්බන්දතා ශක්තිමත් කරගන්න මේක හේතුවක් වුනා.

වැදගත්ම දේ තමයි මේ විදිහට වක්‍රව කියන දේ හොදින් තේරුම් ගන්න පුළුවන් පුදුම සහගත හැකියාවකුත් ගැහැණියගේ පාර්ශවයෙන් ගොඩනැගුන..
ගැහැණියගේ කතා බහේ වැඩිවීමක් ඇතිවෙන්නත් මේකම හේතුවක් කියල දැන් ඔබට පැහැදිලී.මොකද සම්බන්දතා ගොඩනගා ගන්න ගැහැණිය දක්ෂ වෙන්නනම් අදහස් ප්‍රකාශ කිරීමේ විශේෂ හැකියාවකුත් තිබිය යුතුමයි.
එතකොට ඉතින් වැල්වටාරම් එක්ක තමන්ගේ අදහස ප්‍රකාශ කිරීම ඇතුලේ අනික් පාර්ශවය, ඒ කියන්නෙ තමන් ඉදිරියේ ඉන්න අනික් ගැහැනුන් තමන්ගේ වසඟයට ගන්න ලේසි.

හැබැයි ඉතින් මේ කියන ගැහැණිය තමන්ට ආවේණික මේ ක්‍රමය තමන්ගේ පුරුෂයාට පාවිච්චි කරන්න ගිහාම තමා ලොකුම අවුල ඇතිවෙන්නේ. මොකද හේතුව දවස තිස්සේ බොහොම නිශ්ශබ්දව , එක අරමුණකට හිත යොමු කරල තමන්ගේ දඩයම සාර්ථක කරගන්න මහන්සි වෙච්ච පුරුෂය තමන්ගේ බිරිඳ ලගට ආවම ඇය තමන්ගේ දවස ගත කරපු විදිහටම එතනදීත් හැසිරෙනකොට ගැටුමක් ඇතිවෙන එක අරුමයක් නෙවෙයිනේ..
ඒකෙන් ඔබ තේරුම් ගන්න ඕනි දේ තමා මේ පුරුද්ද මානව පරිණාමයේ ඉදන්ම එන තත්වයක් කියල. ඒක මනෝ විද්යාත්මකයි.එහෙම නැතුව ඔබේ බිරිදට පමණක් ආවේණික ගැටළුවක් නෙවෙයි.. අනික් එක මේක ගැටළුවක් කියල අර්ථ දක්වන්නේ මේ ගැන නිසි අවබෝධයක් නැතුව කටයුතු කරන්න ගිහාම.

ඒ නිසා හොදම දේ තමා අපි මේ කතා කරපු කාරණාව ගැන ටිකක් බුද්ධිමත්ව විමසල බලල සැමියා සහ බිරිඳ අවබෝධයෙන් කටයුතු කරන එක..

එහෙම වුනාම කතාබහ දුරදිග ගෙනියන්නේ නැතුව , හිත් රිදීම් අවම කරගෙන , ඉවසීමෙන් , බුද්ධිමත්ව වැඩ කරල පවුල් ජීවිතේ සාර්ථක කරගන්න පහසුයි.
එහෙම වුනාම වෙනදට වඩා හොද ආදරණීය සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එක එච්චර අමාරු දෙයක් වෙන්නේ නෑ..

අපි අද මේ කතා කරපු මාතෘකාව ඔබට කොච්චර දුරකට ගැලපුනාද කියල දැනගන්න අපි කැමති.. ඔබේ අදහස් එකතු කරන්න පුලුවන්නම් අපි වඩාත් සතුටුයි.. ඒ නිසා අදහස්, යෝජනා, චෝදනා, COMMENTS විදිහට දාන්න පුළුවන් කියලත් මතක් කරනවා. ඒ වගේම මේ වගේ ලිපි වැඩි වැඩියෙන් කියවන්න පාඨකයා වෙතට මේක ගෙනියන්න (SHARE කරන්න) ඔබ කටයුතු කරනවානම් ඒක අපිට ලොකු හයියක්.

එහෙනම් තවත් මේ වගේ ලිපියකින් ඉදිරියේදී මුනගැසෙමු..ඔබට ජය...




1 Comments

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post