ඔබේ සතුට තියෙන්නේ ඔබට වඩා ගොඩක් ඈතින්ද ? (Is your happiness beyond you ? )





මේ ලෝකේ ඇතිවෙන හැමදෙයක්ම නැති වෙනවා.ඒක තමා යතාර්ථය.නමුත් මේ යතාර්ථය හරියට තේරුම් ගන්න අපි බහුතරයක් දෙනාට අමාරු දෙයක්.

ඒක එහෙම අමාරු වෙන්නේ ඇයි?

අපි ඉපදුන දවසේ ඉදන්ම සිත කය කියන දෙකම සතුටු කරන්න මහන්සි වෙනවා.ඒක තමා මේකට හේතුව විදිහට සරලවම කියන්න පුලුවන් දේ..

එක අතකින් ඒක සාධාරණයි... ඒකට හේතුව අපි පුංචි කාලේ ඉදන්ම හිත ඇතුලේ ගොඩනගා ගන්න ආකල්පය තමා හැම වෙලාවකම සුව පහසුවෙන් ජීවත් වෙන්න ඕනි කියන එක.

ඒක ඔබ වැඩිහිටියෙක් බවට පත් වෙනකොට තවත් වැඩිවනවා.එහෙම වෙන්නේ, ඔබ දකිනවා සමාජයේ ජීවත් වෙන අනික් මිනිස්සු ඔබට වඩා සැපයෙන් ඉන්නේ කොහොමද කියන එක.

ඒ වෙලාවට ඔබට හිතෙනවා ඔබටත් ඒ තැනට එන්න පුලුවන්නම්,ඔවුන් ඒ ලබන සතුට සැපය ඔබටත් ලබන්න පුලුවන්නම් කියන කැමැත්ත,සිතුවිල්ල.

ඒක සාදාරණයි.. අපි කවුරුත් මේ වෙලාවේ හිත දියුණු කරල මාර්ගපල ලබල නෑනේ.අපි හැමෝම වගේ පෘතග්ජනයි...

හැබැයි මෙතනම තමා අපේ ගැටළුව මතුවෙන තැන..

මේක හරිම සුක්ෂම විදිහට තේරුම් ගන්න ඕනි තැනක්..මේක හොදටම තේරුම් කරල දෙන්නේ අපේ තථාගතයන් වහන්සේ.. උන්වාන්සේගේ දර්ශනය ඇතුලේ අපි මේ කතාකරන දේ ගොඩක් ගැඹුරින් කතා කරනවා.

හැබැයි නුතන මනෝවිද්‍යාව ඇතුලෙත් අපි මේ කතාකරන අසීමිත ආශාව ගැන එක එක විදිහේ අර්ථකතන දෙනවා. මනෝවිද්‍යාව ඇතුලේ මේ වගේ කාරණාවක් කතා කරන්න හොදම පසුබිම හදන්නේ සාන්දෘෂ්ටිකවාදය කියන කොටස..

මේ සාංදෘෂ්ටිකවාදී අදහස් ටිකක් දර්ශනය කියන විෂයට සමානයි..මේක විද්‍යාත්මකව නිරීක්ෂණ, සම්පරීක්‍ෂණ එක්ක යනවට වඩා ඒ ඒ දර්ශනවාදියාගේ බුද්ධිය හා සමාජ ආර්ථික,දේශපාලන වගේ කාරණා ගැන තියන පුළුල් අවබෝධයත් එක්ක ගොඩ නැගුන ගැඹුරු අදහස් එකතු වුන මනෝවිද්‍යාත්මක කොටසක්..

හරි.. අපි දැන් බලමු සාන්දෘෂ්ටිකවාදය එක්ක ගලපලා අපිට මේ අසීමිත ආශාව ගොඩනැගෙන්න හේතුව මොකද්ද කියල...

මේක හරිම ලස්සනට තේරුම් කරල දෙන ඩෙනිෂ් ජාතික  සාංදෘෂ්ටිකවාදී දර්ශනවාදියෙක් තමයි සොරේන් කියකිගාර්ඩ්..  ඔහු ඔහුගේ අදහස් ඇතුලේ මනුෂ්‍ය සොභාවය ගැන අදහසක් දෙනවා.

අපි අද මේ කතා කරන මාතෘකාවට අදාලව ඔහු කියන්නෙ මේකට හේතුව මිනිසා හැම මොහොතකම තමන්ගේ පැවැත්ම ගැන හිතනවා කියල..

මොකද්ද මේ පැවැත්ම.. ඒ කියන්නෙ අපි කවුරුත් ජීවත් වෙන්න කැමති.මරණය ගැන හිතන්නේ, මේ හැමදේකම තියන අනිත්‍ය සොභාවය ගැන හිතන්නේ හරිම අඩුවෙන්..

මේ තත්ත්වෙත් එක්ක මනුෂ්‍යයා හැම මොහොතකම තමන්ගේ පැවැත්ම ගැන හිතනවා.

කෑම බීම,ඇදුම් පැළදුම්,යානවාහන,ගේ දොර ඉඩකඩම්,තමන්ගේ පවුල වගේ දේවල් විතරක් නෙවෙයි තමන් ලබන ලිංගික තෘප්තිය වගේ දේවල් ගැන වැඩියෙන් හිතනවා.

මේ තත්වෙත් එක්ක අපි හැමෝම, අද ලබන දේට වඩා වැඩියෙන් හොද දෙයක් හෙට ලබන්න කැමති. ඒකට හේතුව මනුෂ්‍යයා සොභාවයෙන්ම , ලද දෙයින් සතුටු නොවෙන කෙනෙක් නිසා.

සොර්නේ කියකීගර්ඩ් මෙන්න මේ සොභාවය අර්ථකතනය කරන්නේ “කැරට් අලය පසුපස දුවන අශ්වයාට” හිතල බලන්න කරත්තෙක බැඳපු අශ්වයෙක් ඉස්සරහින් කැරට් අලයක් එල්ලලා තිබුනොත් මේ අශ්වයා කැරට් අලය පස්සේ දුවන්නේ නැද්ද.

අශ්වයා දුවනවා දුවනවා නැවතීමක් නෑ.. ඒකෙන් ඔහු පැහැදිලි කරන්න උත්සහ කැරෙන්නේ අපි ප්‍රාර්ථනා කරන සැපත, සතුට හැමවෙලාවකම තියෙන්නේ අපිට ටිකක් ඉස්සරහින් කියල..

ඒ කියන්නෙ අපිට යමක් පිලිබඳ ආශාවක් ඇතිවෙන්නේ මොනයම් හරි දෙයක් ලබාගන්නකම් විතරයි.. ඒක ලබාගත්තට පස්සේ ඊට වඩා හොද වෙනත් දෙයක් ලබාගන්න අපි ආශා කරනවා.

එතකොට වෙන්නේ එක දෙයක් ලබාගෙන සතුටු වෙනවා වෙනුවට, ලබා ගන්න දෙයින් සෑහීමට පත් වෙන්නේ නැතුව අලුත් දෙයක් ගැන හිතනවා.

උදාහරණයක් ගන්නකො.. ඔබ කාර් එකක් ගන්න හීන දකිනවා.. කීයක් හරි එකතු කරල ලක්ෂ 20ක විතර වටිනාකමක් තියන සාමාන්‍ය කාර් එකක් ගන්නවා. හැබැයි වෙළඳපොලේ තව ඊට වඩා හොඳ කාර් තියනවා..

ගත්ත එකට වඩා මිලෙන් වැඩි , හැබැයි සැප පහසුයි.. අවන්කවම හිතන්න ගත්ත කාර් එක ටික දවසක් පදිනකොට ඒකට තිබුන ආසාව අඩුවෙලා අර මිළෙන් වැඩි,සැපපහසු කාර් එකක් ගන්න තියනවනම් හොදයි කියල හිතෙන්නේ නැද්ද? හිතෙනවා.. මේක තමා මනුෂ්‍ය සොභාවය.. ඒක ඔබටත් පොදුයි මටත් පොදුයි..

මෙන්න මේක තමා සාංදෘෂ්ටික කාංසාව එහෙමත් නැත්තන් Existentialist Anxiety කියල කියන්නෙ..

මිනිසා හැම වෙලාවකම මේ විදිහේ අතෘප්තිකර තත්වයකින් ජීවත් වෙනකොට මෙන්න මේ කාන්සා ජනක තත්වය ඇතිවෙනවා..  මෙන්න මේ තත්වය හේතුවෙන් ඔබ තුල ඉච්ඡාබංගත්වයක් ඇතිවෙන එක වලක්වන්න බෑ..

ඒකට හේතුව ඔබේ සතුට හැම මොහොතකම තියෙන්නේ ඔබ ළඟ නෙවේ.. ඔබට ටිකක් ඉදිරියෙන්.. ඔබ ඒ ඔබ ඉදිරියේ තියන සතුට ගැන හිතන්න යන නිසා ඔබ ළඟ තියන දේ වටිනාකම ටිකෙන් ටික නැතිවෙලා යනවා.

මේකේ භයානකම තැනකුත් මතක් කරල දීලම ඉවර කරන්නම්.. ඔබ මේ තත්වය ඔබේ පවුල් ජීවිතේට ආදේශ කරල බලන්න.. සතුට ගැන හිතල ඔබ ඔබේ බිරිඳට හරි ස්වාමිපුරුෂයාට හරි වැරද්දක් කරන්න තියන ඉඩකඩ මේ වගේ තත්වයක් උඩ බොහොම වැඩි.. ඒ වගේ පිරිස් මේ සමාජයේ ඕනි තරම් ඉන්නවා..

ඒ නිසා අවබෝධයෙන් ජීවත් වෙන්න.. ඔබේ ජීවිතය ගොඩක් අර්ථවත් වෙයි..








Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post