ළමයි හදන්න කලින් මේ ගැනත් හිතන්න (Think before make a baby)




මේ මිහිතලය මත බිහිවන ඕනෑම ජීවියේ තමන්ගේ වර්ගයා බෝ කරනවා.ඒක අපිට අලුත් තොරතුරක් නෙවෙයි.හැබැයි මේ හැම ජීවියෙක්ම තමන්ගේ වර්ගයා බෝ කරත් මනුෂ්‍ය ජීවියා තමන්ගේ වර්ගයා බෝ කරන්නේ අනික් ජීවීන්ට වඩා උසස් විදිහට.

සාමාන්‍යයෙන් මනුෂ්‍යයා , එහෙමත් නැත්තන් මානවයා තමන්ගේ වර්ගයා බෝ කරනකොට ඒ වෙනුවෙන් ගොඩ නැගුණු සමාජ අචාරධර්ම පද්ධතියක් ඇතුලේ හැම මොහොතකම කටයුතු කරනවා.

නීත්‍යානුකුල විවාහය කියන්නෙ ඒ සමාජ ආචාරධර්ම පද්ධතියේ ප්‍රධාන සාධකයක්.

මේ විදිහට නීත්‍යානුකුලව විවාහ වුණු ස්ත්‍රියක් සහ පුරුෂයෙක් තමාගේ ලේ උරුමයෙන් දරුවෙක් බිහි කරනවත් එක්ක දෙමාපියන් කියන ගෞරවනීය භූමිකාවට ඇතුලත් වෙනවා.

මේ ගෞරවනීය බව අපි ජීවත් වෙන සමාජය තුලින්ම නිර්මාණය වෙච්ච දෙයක්.ඒකට හේතුව මානව සමාජයේ යහපත ගොඩනැගෙන්නේ යහපත් මිනිසුන් ඇතිවීම හේතුවෙන්.යහපත් මිනිස්සු ගොඩනැගෙන්න නම් දෙමාපියන්ගේ යහපත් හා නිවැරදි මග පෙන්වීමක් අත්‍යාවශ්‍යයි.

හරි.. දැන් ඒ කාරණය පැහැදිලි. අපි දැන් මාතෘකාවට බහිමු...

වර්තමාන සංකීර්ණ සමාජය ඇතුලේ දරුවෙක් හදනවා කියන එකත් අතීතයට සාපේක්ෂව බලනකොට අභියෝගාත්මකයි.

ඒකට හේතුවක් තියනවා.. ලිබරල් ආර්ථිකයක් එක්ක ගොඩනැගෙන විවෘත ආර්ථික ක්‍රමය හැමෝම තරගකාරී ජීවිතයකට ඇදල දාල ඉවරයි.මේ තරගකාරී ජීවිත රටාවත් එක්ක දරුවෙක් බිහිකරන්න ඉන්න කාන්තාවකටත්, පිය උරුමය පතන පුරුෂයෙකුටත් හිතනවට වඩා මානසික පීඩනය එල්ල වෙන ප්‍රමාණය වැඩි.

හැබැයි මතක තියාගන්න, ඔබේ තියන මේ මානසික පීඩනය ඔබේ ලෙයින් මේ ලෝකයට ඉපදෙන දරුවට ලොකු බලපෑමක් කරන බව.ඒක අයහපත් බලපෑමක්. ඒ නිසා මවු පිය සිහිනය හිතේ තියාගෙන ඉන්න ස්වාමිපුරුෂයෙක් සහ බිරිඳක් අපි මේ මතු කරල දෙන කාරණා වලට පොඩ්ඩක් අවදානය දීල අවශ්‍ය කරන ඉදිරි ක්‍රියාමාර්ග ගන්න.

මේක කරන්න ඕනි ඔබේ හිතට එකගවමයි.. එහෙම නොවුනොත් පස්සේ කාලෙක ඔබ කිසිම පදනමක් නැතුව තවත් කෙනෙකුට චෝදනා කරයි.හැබැයි ඒ චෝදනාව පල රහිත වෙයි..

මොකද්ද මේ හිතට එකඟව කරන්න ඕනි දේ?

කාන්තාවක් විදිහට ඔබ හිතට එකගව තීරණය කරන්න ඕනි ඔබ දැන් මවුපදවියට සුදානම්ද නැද්ද කියන දේ..එහෙම නැතුව ඔබේ ස්වාමියාගේ කැමැත්තට විතරක් , ඔබේ දෙමාපියන්ගේ ඉල්ලීමට පමණක් , නෑදෑයන් සතුටු කරන්න ඕනි නිසා හරි සමාජය අනුකරණය කරල එයාල කරපු නිසා දැන් මමත් කරන්න ඕනි කියල වැඩේට බහින එක සුදුසු නෑ.

ඔබේ ජීවිතේ කඩයිම් අවස්ථා, විශ්වසනීය ආකාරයට තීරණය කරන්න ඕනි ඔබමයි.මවුපදවිය කියන්නෙත් ඒ වගේ ජීවිතේ කඩයිමක්.

හරි.. දැන් ඔබ ඔය ගන්න හදන තීරණය ගන්නකොට හිතට එකඟව මෙන්න මේ දේවල් ගැන මූලික අවදානය දෙන්න ඕනි. මොනවද මේ දේවල්...?

ඔබ මුලින්ම දරුවෙක් හදන්න ඕනි කියල හිතුවට පස්සේ ඔබේ සැමියාගේ පුර්ණ අනුමැතිය සහ සහයෝගය සම්පුර්ණයෙන්ම ගන්න ඕනි.ඒකට හේතුව අවසානයේ බිහිවන දරුවාගේ වගකීම් ඔබ දෙදෙනාම භාරගතයුතු නිසා.

අනික් කාරණාව.. ඔබ දෙදෙනාම දරුවෙකු හැදීමට සුදුසු කායික , මානසික , සමාජීය සහ ආර්ථිකමය වශයෙන් සුදානම්ද කියන එක..

මොකද හේතුව අපි පටන්ගන්නකොටම කිව්වා වගේ සමාජය හරි සංකීර්ණයි.අපි මේ කිව්වා වගේ එක කොටසක් හරි දුර්වල නම් ඔබ ගන්න තීරණේ අනාගතේට නරක විදිහට බලපාන පුළුවන්.

තවත් වැදගත්ම කාරණාවක් තමයි කාන්තාවගේ හිතේ තමන් දරුවෙක් ලැබිය යුතුමයි කියන දැඩි පෙළඹවීම.එහෙමත් නැත්තන් motivation එක.මේක නැතුව ඔබ දරුවෙක් හදන්න පෙළඹුනොත් ඔබ දරුවා ලබන්න ලංවෙනකොට සහ දරුවා ලැබුනට පස්සේ නොයෙක් මානසික අසහනකාරී තත්ත්ව වලට මුහුණ දෙන්න පුළුවන්.

උදාහරණයක් විදිහට කළලය වර්ධනය වෙනකොට ගර්භනීය කාන්තාවක් දැඩි කායික වේදනා වලට මුහුණ දෙනවා.ඔබ මුලදී දරුවෙක් ලබන්න දැඩි පෙළඹවීමකින් තොරව දරුවෙක් පිළිසිඳ ගත්තොත් අර දැනෙන කායික වේදනාවල් වලදී ඔබට යම් මානසික පීඩනයක්, කලකිරීමක් ඇතිවෙන්න පුළුවන් තමන්ගේ කුසේ ඉන්න දරුවා ගැන. හැබැයි ලාංකික සමාජය ඒ අතින් ගොඩක් වෙලාවට එතන නෑ. ඒ කොහොම වුනත් අර කියපු පෙළඹවීම,එහෙමත් නැත්තන් motivation  එක ගොඩක් වැදගත්.]

මේ කොටස් හතර හරියට ගොඩනගිල්ලක් දරාගෙන ඉන්න ප්‍රධාන කුළුණු හතරක් වගේ.. එක කුළුණක් හරි ශක්තිමත් නැත්තන් ගොඩනගිල්ලේ අනාගතේ ගැන හිතාගන්න පුළුවන්.

අවසාන වශයෙන් අපි මේකත් කියනවා. අපේ සමාජයේ බොහෝ වෙලාවට සුභ නැකත්, සුභ මුහුර්ත වලට වැඩි ඉඩකඩක් දෙනවා. ජ්‍යෝතිෂ්‍ය කියන විෂය ගැන වැඩි දෙනෙක්ගේ ආකර්ෂණය තියනවා.ඇතැම් අය මේ ගැන දරන්නේ වෙනම ආකල්පයක්..

ඒ කොහොම වුනත් ඔබ දරුවෙක් ප්‍රර්ථනා කරනවානම්, ජ්‍යෝතිෂ්‍ය විෂය කෙරෙහිත් විශ්වාසයක් තියනවනම්, ඒ කියපු  විෂය තුල තියන ඇතැම් ගණනය කිරීම් අනුව දරුවෙක් බිහි කරන්න සැලසුම් සකස් කරල වැඩේට බැස්සොත්, ඔබට ලොකු ආත්ම විශ්වාසයක් එක්ක ඔබේ අරමුණට යන්න පුළුවන්. ඒක ඇතුලේ අනාගතේදී ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳව පුර්ව කියවීමක් එක්ක ආත්ම විශ්වාසයකින් ජීවත් වෙන්න පුළුවන්.

ඒ නිසා.. ඔබ මවු පිය භූමිකාවට පිවිසුමක් ගන්න ඉක්මන් වෙන්න එපා.එහෙම තීරණයක් ගන්න කලින් අපි මේ කතාකරපු දේවල් ගැන හොදට හිතල බලන්න.මුලින් තනි තනිව හිතන්න, දෙවනියට දෙන්න එක්ක කතාකරල බලන්න, ඊටපස්සේ කැමතිනම් අත්දැකීම් තියන කෙනෙක් එක්ක කතා කරල බලන.අන්තිමට අපි මුලින් කිව්වා වගේ ඔබේ හිතට එකඟව අවසාන තීරණය ගන්න. ඔබට වාසනාවන්ත දරුවෙක් මේ ලෝකයට දායාද කරන්න අවශ්‍ය ශක්තිය ඒක තුල ලැබෙයි.







2 Comments

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post