ගැහැනියක් ගොඩක් වෙලාවට හරි සංවේදී.. ආදරේ කරනකොට ටිකක්
බොළඳයි..සමහර පුංචි දේවල් තියනවා ගැහැණියෙකුට ආදරේ කරනකොට ඒ දේවල් ඇයට හරියට මහා මෙරක්
වගේ.. හැබැයි ඒක හරි සුන්දරයි.
ඒ සුන්දර ආදරේට වටිනාකම් දෙන්න ගොඩක් පිරිමි හරියට දන්නේ
නෑ.ඒ නිසා ගොඩක් පවුල් ජීවිත ඉක්මනට කැඩිලා බිඳිලා විනාසවෙලා යනවා. ආදර සම්බන්දතා
වැඩිය සාර්ථක වෙන්නේ නෑ.ආදරේ කරනකොට කිසිම සතුටක් නෑ,කිසිම ගැම්මක් නෑ.
ඒක හරි අපරාධයක්...
හැබැයි ගැහැනියක් ආදරය කරනකොට වැඩිපුර කැමැත්තක්
දක්වන්නේ මොන වගේ ආදරයකටද කියල දැනගන්න සුදුසු
බොහොම වටිනා පැත්තක් පෙන්නලා දෙන්න තමා අද සුදානම් වෙන්නේ...
සාමාන්‍යයෙන් අපි කවුරුත් හිනා වෙලා ඉන්න කැමති, හිනාවෙන
තරමට ප්‍රශ්න ගොඩක් නැතිකරගන්න පුළුවන් කියල අමුතුවෙන් කියන්න ඕනි නෑ..
ගැහැණියෙක් තමන්ගේ හිත ගියපු පිරිමියා නිතරම වගේ විනෝදෙට බර හොඳ විහිළුකාරයෙක් වෙනවනම් හිත යටින් ගොඩක් කැමැති කියල නොදැන හිටපු පිරිමියෙක් ඉන්නවනම් අද ඒක දැන ගන්න.
කාලයක් තිස්සේ මිනිස්සු පරිණාමය වෙනකොට එදා ඉදන්ම
ගැහැණිය අවිඥානිකව පිරිමියාට යටත් වෙලා
ඉන්න කැමති..
දැන් ඔබ කල්පනා කරනවා ඇති යටත් වෙන්නනම් ටිකක් සැරපරුෂ
පිරිමියෙක් වෙන්න ඕනිනේ.. කොහොමද හරිම සැහැල්ලුවෙන්,විනෝදයෙන් ඉන්න මිනිහෙක් ගැහනියක්ව
යටත් කරගන්නේ කියල..
මෙතන තියෙන්නේ ඔබ ඔය හිතන විදිහෙ යටත් වීමක් නෙවෙයි..
අතීතයේ ඉදන්ම ගැහැණිය තමන්ගේ පිරිමියා වීරයෙක් විදිහට
පිළිගත්තා.. ඒකයි ඇය ඔහුට යටත් වෙලා ඉන්න කැමැත්තක් දක්වන්නේ..ඒකට හේතුව ගැහැණිය
ඇතුළු ඇගේ දරුවන් පෝෂණය කරේ පිරිමියා නිසා..
ඒ නිසා ඇය කැමති
තමන්ගේ පුරුෂයා හැම වෙලාවකම වීරයෙක් විදිහට දකින්න.සරලම කතාව ගැහැණිය කැමති තමන්ගේ
පුරුෂයා තුල හොද පිරිමිකමක් දකින.
තැනකට ගිහාම,පිරිසක් එක්ක ඉන්න පිරිමියා තමන්ගේ විනෝදකාමී වචනවලින් අනික් අයව තමන් වෙතට ලංකර ගන්න එක ගැහැණිය දකින්නේ ඒ පිරිස යම් ආකාරයකට එම පුරුෂයාට ආකර්ෂණය වීමක් වගේම ඔහු යටතට පත්වීමක් විදිහට.. එතකොට ඇය බලාපොරොත්තු වෙන වීරයා ඒ තුලින් ගොඩනැගෙනවා. ඒක දකින්න ඇය ගොඩක් කැමති....එතනදී ඔහු ඇයට නිරායාසයෙන්ම වීරයෙක් වෙනවා.
හැබැයි මතක තියා ගන්න පිරිමියා ඒ වගේ තැනකදී සීමාවල් ඉක්මවලා යන්න ගියොත් එතනත් ලොකු අවුලක්
තියන බව...
ඔන්න ඕක තමා මෙතන තියන රහස..
මේ විදිහට පුරුෂයෙක් නිතර විනෝදකාමී, සිනහවට වැඩි බරක්
දෙන කෙනෙක්නම් ගැහැණුන්ගේ ආකර්ෂණය දිනාගන්න එක ඒ හැටි අමාරු වැඩක් නෙවෙයි..
පවුල් ජීවිතේට මේක ආදේශ කරොත්, නිදි යහනට යන සැමියා
බිරිඳ දෙදෙනා නින්දට යන වෙලාවක පුලුවන්නම්
තමන්ගේ බිරිඳ සිනා සාගරේක ගිල්වල බලන්නකෝ ඇය පහුවදාට කොච්චරන්නම් සතුටින් වෙනදට
වඩා ආදරේකින් හැසිරෙනවද කියල..
ඒක ඔබට ලොකු වෙනසක් වෙයි..
ඒක ඔබ හිතයි හරි සරල දෙයක් කියල.හැබැයි ඒක ගොඩක්
බලගතුයි..
ගැහැනියක් හරිම කැමති දෙයක් තමයි තමන්ගේ විරුද්ධ
ලිංගිකයා ඉතා ප්‍රියමනාප,නිතර සැහැල්ලුවෙන් සහ සිනහවෙලා ඉන්න කෙනෙක් වෙනවට..
තවත් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් පිරිමියා ගැහැනියෙකුට යම් ආකාරයක වීරයෙක්.
ඔබටත් මේක අත්හදා බලන්න පුළුවන්.. එහෙම නැත්තන් සියුම්ව
නිරීක්ෂණය කරන්න පුළුවන්.. පුලුවන්නම් කරල බලන්න..
