ඒ ඉස්සර.. නමුත් දැන් ඒක ගොඩක් වෙනස් වෙලා.ඒකට හේතුව
ලිංගිකත්වය කියන දේ අපේ සමාජයෙත් යම් ආකාරයක විවෘතව කතාකරන තත්වයට පත්වෙලා නිසා.
නමුත් බටහිර ලෝකයේ රටවල් තරම්ම අපි තවමත් 100% විවෘත
නෑ.ඒ කොහොම වුනත් ලිංගික අවශ්‍යතාවය, ලිංගිකත්වයට ඇති පෙළඹවීම පෘතග්ජන අපි කාටත්
අඩු වැඩි වශයෙන්, නමුත් සැලකිය යුතු මට්ටමකින් තියනවා.
ශ්‍රී ලංකාව වගේ රටක විවිධ සංස්කෘතික සීමා මායිම් එක්ක
ලිංගිකත්වයට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙනකොට ,පුද්ගල සිත තුල ගොඩ නැගෙන ලිංගික ආශාව
සහ අවශ්‍යතා සපුර ගන්න විවිධ කටයුතු ඒ ඒ පුද්ගලයාට අනුව සිදු කරනවා.
අපි අද කතා කරන කාරණාවත් ඒ වගේම තමන්ගේ ලිංගික ආශාවට
සම්බන්දව අදාළ තෘප්තිය ලබා ගැනීමේ පරමාර්ථයෙන් කරන දෙයක්.
“Porn Movies” , “Blue Films” , එහෙමත් නැත්තන් ‘නිල් චිත්‍රපටි” , “කාම චිත්‍රපටි” නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ වගේ තමන්ගේ ලිංගික සිතුවිලි සන්තර්පණය කර ගන්න පුළුවන් මාර්ගයක් හොයමින් ඉන්න පිරිස්වලට.
අපේ රටේ නැති වුනත් ලෝකේ සමහර රටවල මේ වගේ චිත්‍රපට
නිෂ්පාදනය කරන විවිධ සමාගම් තියනවා , වෘතීය රංගන ශිල්පීන්, ශිල්පිනියන් ඉන්නවා. මේ
අයට විවිධ සම්මාන උළෙලවලදී සම්මාන පවා ලැබෙනවා.ඒ කියන්නෙ අපි මේ කතා කරන කාරණාව
වෘතීය මට්ටමින් කරන කොට්ටාශයක් ලෝකේ අනෙක් රටවල ඉන්නවා.
ඒ නිසා ලෝකයේ අනෙක් රටවල් සමග සංසන්දනය කරල බලනකොට නිල් චිත්‍රපටයක්
නරඹනවා කියන එක සහ ඒ තුලින් යම් කායික මානසික තෘප්තියක් ලබන එක කිසිම වරදක් විදිහට
දකින්න අපි කාටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ.
එහෙම කරන කෙනෙකුට සමච්චල් කරන්නවත්,ඔහු හෝ ඇයව සමාජයෙන්
කොන් කරන්නවත් අපිට හැකියාවක් නැහැ.ඒකට හේතුව ලිංගිකත්වය කියන කාරණාව පුද්ගලයාට
පොදු දෙයක්, ඒ වගේම ඒ ඒ පුද්ගලයාට අනන්‍ය ආකාරයක් ගත් දෙයක්.
ඔබේ ලිංගික ආශාව සන්තර්පණය කරගන්න ආකාරය තීරණය කල යුත්තේ
ඔබ.ඒකට හේතුව ලිංගික අවශ්‍යතාවය සහ ඊට අදාළ සියලු සිතුවිලි නිර්මාණය වෙන්නේ ඒ ඒ
පුද්ගලයාගේ මොළය තුල නිසා.
ඒ නිසයි කිව්වේ කෙනෙකුගේ ලිංගික ආශාවන් තෘප්ත කරගන්න
විදිහට ඍජුව මැදිහත් වෙන්න තවත් කෙනෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ කියල.
හරි... මේ කාරණාව අද දවසේ අපේ මාතෘකාවත් එක්ක කතා කරාට වෙනම මාතෘකාවක් විදිහට අරන් කතා කරන්න පුළුවන් ප්‍රධාන කාරණාවක්. අපි ඉදිරියට ඒ ගැන සවිස්තරාත්මකව කතා කරමු.
අද අපේ මාතෘකාව වෙන්නේ නිල් චිත්‍රපට එහෙමත් නැත්තන්
Porn Movies වැඩි වැඩියෙන් බලපුවාම කොහොමද යම් යම් පුද්ගලයින්ගේ ලිංගික ශක්තිය
පිරිහෙන්න බලපානේ කියන කාරණාව.
මාතෘකාවට යොමුවෙනවත් එක්කම අපි බලන්න ඕනි ඕනෑම සත්වයෙකුට
ලිංගික අවශ්‍යතා පැන නගින්නේ කොහොමද කියල...
ඕනෑම සත්වයෙකුට මොලයක් තියනවා.මොලය තමා ඒ සත්වයාගේ සියලු
සිතුවිලි, හැගීම් දැනීම්, චර්යාව තීරණය කරන්නේ. මිනිසා කියන සත්වයාටත් ඒක එලෙසම
පොදුයි.නමුත් අනෙක් සත්තුත් එක්ක සංසන්දනය කරනකොට මනුෂ්‍යයාගේ සිතුවිලි ,හැගීම්
දැනීම්,චර්යාව ගොඩක් දියුණුයි.ලිංගිකත්වය කියන කාරණාවෙදීත් ඒක එලෙසමයි.
මනුෂ්‍යයාගේ ලිංගික අවශ්‍යතාවය තීරණය කරන්නේ මොළය.ඒක
දැන් ඔබ දන්නවා.එතකොට කොහොමද මේ ක්‍රියාවලිය වෙන්නේ..?
සරල කතාව මේකයි....
පිරිමියෙක්ගේ ලිංගය ප්‍රාණවත් වෙන්න හරි ,
ගැහැණියකගේ ලිංගය තෙත්වෙලා උත්දීපනය වෙන්න
හරි මොලය තුල විවිධ කලාපයන් වලින් නිකුත් කරන රසායකිකයන් සහ විවිධ ස්නායු පණිවිඩ
හේතු වෙනවා.
මේකට අවශ්‍ය පසුබිම හදන්නේ ඔබේ පන්චේන්ද්‍රයන්.. මේවගෙන්
ලැබෙන උත්තේජන නිසා ඔබේ මොළය මගින් විවිධ රසායනිකයන් නිකුත් කරනවා.ඒ රසායනිකයන්ගේ
බලපෑමෙන් ස්නායු පණිවිඩ ගමන් කරල ඔබේ ලිංගික ක්‍රියාවලියට අවශ්‍ය ශාරීරික උද්දීපනය
ලබා දෙනවා.
මේක තමා සරලම කතාව..
ඔබ දැන් හිතනවා ඇති නිල් චිත්‍රපටි වැඩිපුර බැලුවාම
කොහොමද ලිංගික ශක්තිය හීන වෙන්නේ කියල..
අපි කිව්වා ලිංගික උද්දීපනයකදී නොයෙක් රසායනිකයන් මොලය තුල ක්‍රියාත්මක වෙන බව. “ඩෝපමින්” (Dopamin) කියන්නෙ ඒ වගේ රසායනිකයක්.
පුද්ගල මනස තුල සතුටුදායක හැගීම් ජනනය කරන්න ඩෝපමින් වගේ
රසායනිකයන් හේතු වෙනවා.ඒ අනුව ඔබ නිල් චිත්‍රපටි නරඹනකොටත් ඩෝපමින් වල මැදිහත්
වීමෙන් ඔබට යම් කායික මානසික සතුටක් කරා යොමු වෙන්න අවශ්‍ය පසුබිම හදනවා.ඒක
යම්කිසි සීමාවක් ඇතුව කරන කෙනෙකුට අපි මේ කතා කරන අර්බුදයට මුහුණ දෙන්න වෙන්නේ නෑ
කියල මුලින්ම කියන්නත් ඕනි.
හැබැයි ගැටළුව තියෙන්නේ ඔබ නිතර නිතර නිල් චිත්‍රපටි බලන
කෙනෙක් නම්, ඔබ ඒකට හොදින්ම ඇබ්බැහි වෙලා නම් ඔබේ මොලය මැදිහත් වෙලා කරන ඩෝපමින්
රසායනිකය නිකුත් කරන ප්‍රමාණය සහ වාර ගණන වැඩි වෙනවා. එතකොට කොහමද මේක ලිංගික
ශක්තියට බලපානේ.
උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න..
X කියල පුද්ගලයෙක් ඉන්නවා.ඔහු මත් පැන් පානයට ලොකු
උනන්දුවක් තියන කෙනෙක් නෙවෙයි. ඉදල හිටලා මත් පැන් ටිකක් බිව්වම වැඩියෙන් මත්
වෙනවා.
Y කියල පුද්ගලයෙක් ඉන්නවා.ඔහු දවසේ පැය 24 න් පැය 12 ක්
විතරම ඉන්නේ මත් වෙලා.
දැන් ඔබ හිතල බලන්න X කියන සාමාන්‍ය චර්යාවක් තියන
පුද්ගලයා ඉදල හිටලා බොන මත් පැන් ප්‍රමාණය Y කියන පුද්ගලයාට ප්‍රමාණවත් වෙයිද?
සරලවම කියනවනම්, ඔහුට ඒක හැරෙන්නත් මදි.
ඒ වගේ තමා මේ ඩෝපමින් රසායනිකයත්.. ඔබ නිතර නිතර නිල්
චිත්‍රපටි බලනකොට නිකුත් වෙන ඩෝපමින් ප්‍රමාණය බොහොම ඉහලයි.
එතකොට ඔබේ මොළය මගින් එන ස්නායු අවේග වලට ක්‍රියාත්මක
වෙන ඔබේ ලිංගික උද්දීපනය ඔබ බලන ලිංගික දර්ශන වලට අනුව වෙනස් වෙනවා.
සාමාන්‍යයෙන් නිල් චිත්‍රපටි කියන්නෙ අතිශය රාගික බවක් එකතු වෙච්ච උපරිම ලිංගික තෘප්තියක් ලබන්න පුළුවන් විදිහට නිර්මාණය කරපු ලිංගික දර්ශන අඩංගු කරපු නිර්මාණ.අනිත් කාරණාව ඒ චිත්‍රපටි වල ඉන්නේ වෘතීය නළු නිලියන්.මේ අය ලිංගික කාර්යන් වල ඇති දක්ෂ ලෙස නිරත වෙනවා.ඒක ඒ අයගේ වෘතීය...
ඔබ අමතක කරන්න එපා ඔබ බලන්නේ ඒ අයගේ ක්‍රියාකාරකම් බවත්,
ඔබට ඒ අය වගේ ක්‍රියා කරන්න ඔබ හිතන තරම් පහසු නැති බවත්...
දැන් බලමු මේක කොහොමද ඔබේ ලිංගික ශක්තිය හීන කරන්නේ
කියල..
අපි කිව්වා ලිංගික උත්තේජනය , ලිංගික සතුට , ආකර්ෂණය ඇති
කරන්න ඩෝපමින් හේතුවෙනවා කියල. ඔබ නිල් චිත්‍රපටි බලන්න බලන්න ඔබේ මොලයේ මැදිහත්
වීමෙන් නිකුත් කරන ඩෝපමින් ප්‍රමාණය වැඩි.එහෙම වුනාම ඒක යම්කිසි ස්ථාවර මට්ටමක්
ගන්නවා.ඒ කියන්නෙ ඔබේ සතුට තීරණය කරන්න අවශ්‍ය ඩෝපමින් ප්‍රමාණය ඉහල මට්ටමක
ඉල්ලුමක් සහිතව ස්ථාවර වෙනවා.
හරියට අර Y කියන පුද්ගලයාට අවශ්‍ය මද්‍යසාර ප්‍රමාණය
වගේ..
අපි හිතමු ඔබ යම්කිසි ලිංගික කාර්යකට යොමුවෙනවා කියල.
හැබැයි දැන් ඔබේ ලිංගික ප්‍රාණවත් බව හරි ආකාරයට, ඒ කියන්නෙ ඔබට ඒ කාර්ය නිවැරදිව
කරගන්න අවශ්‍ය මට්ටමට එන්නනම් නිකුත් වෙන ඩෝපමින් ප්‍රමාණය ඔබ නිතර බලන නිල් චිත්‍රපට
වල තියන දර්ශනවල මට්ටමටම උසස් වෙන්න ඕනි.උසස් වෙන්න ඕනි කියල කිව්වේ ඒ තරමටම
ආකර්ශනීය වෙන්න ඕනි කියල.
හැබැයි සාමාන්‍ය ජීවිතේ ඔබේ බිරිඳ, ප්‍රේමවන්තිය/
සැමියා,ප්‍රේමවන්තයා කියන්නෙ ඔබ නිතර බලන නිල්
චිත්‍රපටියේ ඉන්න නිලියාවත්,නළුවවත් නෙවෙයි.
එතකොට මොකද වෙන්නේ..? ඔබ බලාපොරොත්තු වන රූපය, ලිංගික ඉරියවු ඒ කෙනෙත් එක්ක කරන්න අමාරුයි.හැබැයි මේ වෙනකොට ඔබේ මොලය ඉල්ලන්නේ ඔබ වෙනද බලන නිල් චිත්‍රපටියේ තියන රූප,ලිංගික ඉරියවු සහ ඒ වගේ පරිසරයක්.
හැබැයි ප්‍රයෝගිකව ඔබට ඒ දේවල් එලෙසම දෙන්න හැකියාවක්
නැහැ. එහෙම දුන්නොත් විතරයි ඔබේ ලිංගික උත්තේජනයට අවශ්‍ය රසායනික සහ මොලය විසින්
නිකුත් කරන්න ඒ අවශ්‍ය පණිවිඩ ලබල දෙන්නේ.
එහෙම නොවෙනකොට ඔබට අවශ්‍ය ලිංගික උද්දීපනය,ලිංගික ශක්තිය
ඔබේ ලිංගික කාර්ය සාර්ථකව කරගන්න ප්‍රමාණවත් මට්ටමින් සහයෝගයක් මොලය තුලින් ලැබෙන්නේ
නෑ.එහෙම වුනාම ඔබ ලිංගික කාර්ය තුල අසාර්ථක වෙනවා.
මේක තමා කතාව...
ඒ නිසා නිල් චිත්‍රපට නිතර නිතර බලන්න ඔබ පුරුදු වෙලා
ඉන්නවනම් මේ කතා කරපු කාරණා ගැන අවදානය දීල කටයුතු කරන්න. අනාගතයේදී ඇතිවෙන්න
පුළුවන් අර්බුද ගණනාවකින් බේරෙන්න මේක හේතුවක් වෙයි.
