ඔබ නොදන්නවා වුනාට ඔබේ Body Language එක හරි ප්‍රබලයි ( Your Body Language is more Powerful than you think)



අපි මනුෂ්‍යන් විදිහට සමාජයක් එක්ක ගණුදෙනු කරනකොට කොච්චර නම් අදහස් හුවමාරු කර ගන්නවද..

හැබැයි ඔබ දන්නවද? ඔබ මේ හුවමාරු කරගන්න අදහස් ප්‍රධාන කොටස් දෙකකට බෙදල අපිට අදුන ගන්න පුළුවන්. ඒ දෙකෙන් එකක් තමා වාචික සන්නිවේදනය.

ඒ කියන්නේ ඔබ ඉදිරියේ ඉන්න එක්කෙනෙක් එක්ක හරි එකට වඩා වැඩි පිරිසක් එක්ක හරි ඔබේ භාෂාවෙන් හෝ ඔබ දන්න වෙනත් භාෂාවකින් ඒ භාෂාවට අදාළ වචන පාවිච්චි කරලා කරන සන්නිවේදනය.

මේක හරිම පැහැදිලි සන්නිවේදන ක්‍රමයක්.ඕනෙම කෙනෙකුට ඔබ කියන දේ හරි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.සරලවම කියනවනම් ඔබේ හිතේ තියන අදහසක් , හැගීමක් පැහැදිලිව වචන වලින් අනික් පාර්ශවයට ප්‍රකාශ කරනවා. මේක තමයි වාචික සන්නිවේදනය.

එතකොට අනික් කොටස මොකද්ද?  ඒක දැනටමත් ඔබ දන්නවා. දෙවැනි කොටස තමයි අවාචික සන්නිවේදනය.

මේක ඔබ හිතන තරම්ම ලේසි දෙයක් නෙවේ.මේක ඔබ හිතනවට වඩා සංකීර්ණයි.ඒක එහෙම වෙන්නේ මේ අවාචික සන්නිවේදනය කියන දේ පුද්ගලාන්තරයි. ඒ කියන්නෙ මොකද්ද?

එකෙන් අදහස් වෙන්නේ මේ අවාචික සන්නිවේදනය ඔබ කරන්නේ වචන පාවිච්චි කරල නෙවෙයි.ඔබ මේ සන්නිවේදනය කරන්නේ ඔබේ ඉරියවු ප්‍රකාශනයත් එක්ක.සමහරවිට ඔබවත් දන්නේ නෑ ඔබ කරන ප්‍රකාශනය.ඒක තේරෙන්නෙ ඔබ ඉදිරියේ ඉන්න කෙනෙකුට.

සමහර වෙලාවල් වලට , මේ අවාචික සන්නිවේදනය වාචික සන්නිවේදනයට වඩා ගොඩක් ප්‍රභල වෙනවා.උදාහරණයක් ගන්නකො.වැඩිහිටි අපි විරුද්ධ ලිංගිකයෙක් එක්ක ලිංගිකව එකතුවෙනකොට වාචිකව කියල අවශ්‍යතාවය සපුර ගන්නවට වඩා අවාචිකව,එහෙමත් නැත්තන් ඔබේ ඉරියවුවලින් ඔබේ සහයකයා ඔබව තේරුම් ගන්න එක ගොඩක් ප්‍රබලයි.එතනදී තමයි ඒ සම්බන්ධය ගොඩක් ශක්තිමත් වෙන්නෙ.

තවත් උදාහරණයක් ගමුකො. අපරාධකරුවෙක් අපරාධයක් කරාට පස්සේ  ඒ අපරාධකාරයා කොච්චර ඒක හංගන්න උත්සහ කලත් පොලීසිය හරි නීතියට අහුවෙන්න පුළුවන් ඕනෙම අවස්තාවක ඔහුගේ හැසිරීම්,ඉරියවු වෙනස්වෙන්න පුළුවන්.ඒ වගේ වෙලාවක තමා ඔහුව නීතියේ රැහැනට කොටුකර ගන්න පුළුවන් වෙන්නේ.

මේ දෙකම තේරුනේ නැත්තන් මෙන්න මෙහෙම හිතල බලන්නකෝ.

චාලි චැප්ලින් කියන චරිතය නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නෑ.චාලි චැප්ලින්ගේ රංගනයක් නොදැක ඉන්න විදිහකුත් නෑ.ඉතින් ඒ නිසා අපි මේ කියන අවාචික සන්නිවේදනයට හොදම උදාහරණය තමයි චාකි චැප්ලින්.ඒකම ඇති මේ අවාචික සන්නිවේදනයේ ප්‍රබලත්වයත් තේරුම් ගන්න.

මේ තියන ප්‍රබලත්වය නිසාම 1950 දශකයේ හිටපු සමහර පර්යේෂකයෝ ඉරියවු මගින් හැගීම් ප්‍රකාශ කිරීම,එහෙමත් නැත්තන් Body Language ගැන විවිධ පරීක්ෂණ , නිරීක්ෂණ කරන්න පටන් ගන්නේ.

ඇල්බර්ට් මෙහෙරාබියන් කියන්නෙ ඒ වගේ පර්යේෂණ , නිරීක්ෂණ කරපු දක්ෂ මනෝවිද්‍යාඥයෙක්. ඔහු කරපු පර්යේෂණ , නිරීක්ෂණ වලින් හොයාගන්නවා මෙන්න මේ වගේ දෙයක්

ඒ තමයි, ඔබ කරන සන්නිවේදනයෙන් එහෙමත් නැත්තන් ඔබේ හැගීම් ප්‍රකාශනයෙන් වාචික කොටසින් වෙන්නේ 7% වගේ කොටසක් විතරයි කියල.එතකොට ඉතිරි 93% ට මොකද වෙන්නෙ?

ඒ ඉතිරි 93% න්  38%ක්  ඔබ කතා කරනකොට සිද්ද වෙන හඬ උස් පහත් වීම , හඬ තුල තියන චිත්තවේගික ලක්ෂණ වගේම ඔබ කත්හ කරනකොට පිටකරන වචන වලට අමතරව පිට කරන වෙනත් ශබ්ද ඇතුලත් වෙනවා.

ඒකෙන් තේරෙනවා ඔබ සන්නිවේදනය කරනකොට ඒ සන්නිවේදනයෙන්  45% ක් වචන වලිනුයි,ඔබ පිට කරන ශබ්ද වලිනුයි ආවරණය වෙනවා.

හැබැයි තව 55% ක් තියනවා.මේ 55% ම අපි අර කතා කරපු අවාචික සන්නිවේදනය. ඒ කියන්නෙ ඔබ සන්නිවේදනය කරනකොට පාවිච්චි කරන ඉරියවු.මේ ඉරියවු වල තියනවා ඔබේ ඒ මොහොතට අදාළ හැගීම්,දැනීම්,ඔබේ මානසිකත්වය.

දැන් හිතල බලන්න ඔබ යමෙක් එක්ක අදහස් හුවමාරු කරගන්නකොට ඔබ නොදැනුවත්ව ඔබේ ඉරියවු වලින් කොච්චර නම් ප්‍රබල දෙයක් කරනවද කියල.

ඉදිරියේදී අපි මේ මාතෘකාව තවත් ගැඹුරින් කතාබහ කරනවා.අද දවසේ මේ ලිපිය තුලින් බලාපොරොත්තු වුනේ ඔබේ Body Language එක කොයි තරම් නම් ප්‍රභලද කියන කාරණාව මතු කරන එක.

තව තවත් මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කතා කරමු. ඔබට කුතුහලයක් තියන කාරණා ගැන මනෝවිද්‍යාත්මක අවබෝධයක් ගන්න නම්,ඔබ දැනගන්න කැමති මාතෘකා comment එකක් විදිහට දාන්න අමතක කරන්න එපා.අපි තවත් හොද ලිපියකින් ඉදිරියට මුණගැසෙමු. ඔබට ජය... 





1 Comments

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post