“කඩවසම්” බව ඔබ හිතනවට වඩා ගොඩක් වෙනස්..(How to be “Handsome”)




සාමාන්‍යයෙන් කඩවසම් කියන වචනේ ඇහුන ගමන් කෙනෙක්ගේ හිතට මුලින්ම එන්නේ ආකර්ශනීය පෙනුමක් තියන පිරිමියා  කියන අදහස.. 

කඩවසම් බව පිරිමින්ට වගේම , ලාලිත්‍ය කියන වචනය ස්ත්‍රී පක්ෂයට ගැලපෙනවා...

කොහොම උනත් අද කතා කරන්න යන්නේ පුරුෂ පක්ෂයට වගේම ස්ත්‍රී පක්ෂයටත් ඒක වගේම බලපාන ආකර්ශනීය බව කොහොමද නිර්මාණය කරගන්නේ කියන දේ...

අද අපි කතා කරන ගොඩක් කාරණා මනෝවිද්‍යාත්මකයි..

කෙනෙක් හිතන්න පුළුවන් පුරුෂයෙක්ගේ කඩවසම් බව රැකගන්න,ස්ත්‍රීයකගේ ලාලිත්‍ය රැකගන්න, කරන්න ඕනි එකම දේ ලස්සනට අදින පළදින එක කියල..

එහෙමනම් ඔබ වැරදි.. ලස්සනට ඇන්ඳට පැළන්දට විතරක් ඔබ කඩවසම් වෙන්නෙත් නෑ ස්ත්‍රී ලාලිත්‍ය මතුවෙලා ඔබ සුන්දරත්වයෙන් පිනා යන්නෙත් නෑ...

ලස්සනට අදිනවා පළදිනවා කියන එක අපි මේ කතා කරන කාරණාවට සම්බන්ධ එක කොටසක් විතරයි.. ඒකත් ඔබ හරියටම කරන්නේ නැතුව ඇති සමහරවිට..

අපි අද බලමු මනෝවිද්‍යාත්මක ඇසකින්, කොහොමද තමන්ගේ ආකර්ශනීය බව වැඩි කරගන්නන අවශ්‍ය දේවල් කරන්නේ කියල..

දුර අතීතයේ ඉදන්ම මිනිස්සු තමන්ගේ කඩවසම් බව රැක ගන්න ගොඩක් දේවල් කරා.. ඒකෙ ප්‍රතිපලයක් විදිහට තමයි වර්තමානේ ජීවත් වෙන මිනිසා දක්වා මේ කාරණය ව්‍යාප්ත වෙලා තියෙන්නේ..

අතීතයේදී සතුන්ගේ ඇට කැබලි එල්ලගෙන,වර්ණ කරපු ගල් කැබලි එල්ලගෙන ගස්වල ලාටු සහ විවිධ මැටි වර්ග ශරීරයේ ගාගෙන පටන් ගත්ත රුපලාවන්‍ය කටයුතු අද නවීන විද්‍යාව සහ තාක්ෂණයත් එක්ක මුසු වෙලා විද්‍යාත්මකව කරනවා..

කොණ්ඩා මෝස්‌තර, රුපලාවන්‍ය, ඇදුම් නිර්මාණ වගේ දේවල් වෘතීය වටිනාකමක් එක්ක කරන්නේ මෙන්න මේ නිසා..

කොහොම උනත් දැන් අපි බලමු මේ හැම දෙයක්ම කරත් පුද්ගලයෙක්ගේ කඩවසම් බව රදා පවතින මනෝ විද්‍යාත්මක කාරණා මොනවද කියල..

මනෝවිද්‍යාවේ තියනවා සංජානනය කියල දෙයක්.. එහෙම නැත්තන් අපි කියනවා Perception කියල.. මේකෙන් කියන්නෙ යමක් පිළිබඳව දකින ආකාරය සහ එය ඒ පුද්ගලයාට අනුව එය හදුනා ගන්න ආකාරය..

උදාහරණයක් විදිහට ඔබ අම්මා කියන වචනය ඇහුවම එකපාරටම මතක්වෙන, මැවෙන චරිතයක් ඉන්නවනේ.. අන්න ඒ වගේ..

එතකොට මෙන්න මේ සංජානනය කඩවසම් බව ගැන කතා කරනකොටත් ගොඩක් වැදගත්.. ඒකට හේතුව මෙන්න මේක...

සාමාන්‍යයෙන් කෙනෙක් ඔබව දකිනකොට ඔබේ සමස්ත රුපයම දකිනවා.. එතකොට හිසේ සිට පාදාන්තය දක්වාම දකින රුපය තමා ඒ පුද්ගලයා හදුනා ගන්නේ..

මේ වගේ තත්වයක් එක්ක, ඔබ ඔබේ මුළු රුපයම ගැන හිතන්නේ නැතුව, එක්කෝ කොණ්ඩය විතරක්, මුණ විතරක්, අදින කලිසම හරි වෙනත් ඇදුමක් ගැන විතරක්, ඔබ දාන සපත්තු දෙක ගැන විතරක් වගේ එක එක කොටස් වශයෙන් තනි තනිව අවදානය යොමු කරොත් එතනදී ඔබව දකින කෙනාට ඔබේ සමස්ත රුපය පිලිබඳ ගැටළුවක් එනවා..

එතකොට ඔබ ලස්සනයි,හොදයි කියල කරන විලාසිතාව අනික් කෙනාට අවලස්සන, විහිලු සපයන හරි , ඔබ කෙරෙහි ඍණාත්මක ප්‍රතිචාරයක් ඇති කරන්න හේතු වෙනවා..

මේක හරියට සමස්ථ ගොඩනැගිල්ලක් දකින්න කැමති කෙනෙකුට ඒ ගොඩනැගිල්ලේ උළු , ලී , වීදුරු වගේ දේවල් විතරක් පේන්න තියනවා වගේ දෙයක්.. එතකොට සමස්ත ගොඩනැගිල්ලම සංජානනය කරගන්න අමාරුයි..

එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනි..

ඔබ කරන්න ඕනි හොදම දේ විලාසිතා කරනකොට ඔබ ඔබේ සමස්ත රුපය ගැනම හිතන්න ඕනි.. හිසේ සිට දෙපතුල දකවා කරන විලාසිතා, වර්ණ ගැලපීම් වගේ මේ හැම එකක්ම බලපානවා..

තවත් බොහොම වැදගත් කාරණා කිහිපයක් තියනවා..

ඔබ කොච්චර විලාසිතා කරත් වැඩක් නෑ ඔබේ නියම කඩවසම් බව , ලාලිත්‍ය  රැකෙන්නනම් මෙන්න මේ දේවල් ටිකත් බොහොම වැදගත්..

එකක් තමා ඔබේ පිරිසිදුකම..කොච්චර වියදම් කරල විලාසිතා කරත් ඔබ අපිරිසිදුවට ඉන්නවා නම් ඒ ඔක්කොම වතුරේ බව අමතක කරන්න එපා. අනික් කාරණාව තමා ඔබ

හොඳ නිරෝගී පුද්ගලයෙක් විදිහට බාහිරට පෙනෙන එක.. නිරෝගී පුද්ගලයෙක්ගේ පැහැදිලිව පෙනෙන ලක්ෂණයක් තමයි ක්‍රියාශීලී බව.මනා ශරීර ශක්තියෙන් යුතු බව.මේකට දෛනික ව්‍යායාම කිරීම , පෝෂදායී ආහාර ගැනීම , මනස සැහැල්ලුවෙන් තබා ගැනීම වගේ දේවල් ගොඩක් වැදගත්.

ඒ වගේම යහපත් ආචාර සමාචාර..මේක ගොඩක් වැදගත්... ඔබ කොච්චර හොදට අදින පළදින කෙනෙක් වුනත් වැඩක් නෑ අනික් මිනිස්සුත් එක්ක හිනා වෙලා කතා කරල,නිහතමානී වෙන්න බැරිනම්...මේක ඔබට විලාසිතා වලට වඩා බොහොම බලගතු ආභරණයක්...

ඔබේ ශරීරයෙන් වහනය වන සුවඳ ඉතාමත් වැදගත් බව ඔබ අමතක කරන්නම එපා.. ඒක ඉතා ප්‍රබල ලිංගික පෙළඹවීමක්..ඒ වගේම ඔබේ විරුද්ධ ලිංගිකයාගේ හිතේ ඔබ කෙරෙහි මිහිරි හැගීම් මතුකරනවා..

ඊළඟ දේ තමා ඔබ වියදම් කරල අදින ඇදුමකට වඩා සමහර විට ඔබේ චාම් ඇදුම වැඩි දෙනෙක් ආකර්ෂණය කරගන්න සමත් වෙන්න පුළුවන්..හැබැයි මෙතැනදී ඔබ අදින පළදින හැම දේකම මනා ගැලපීමක් තියෙන්න ඕනි.. කමිසය කලිසම, සාය සහ බ්ලවුස් එක, ගවුම,ඔබ පළදින පාවහන් යුගලය , ඔබ පාවිච්චි කරන තොල් ආලේප වගේ දේවල් මනාව ගැලපෙන්න ඕනි..

ඒ වගේම ඔබ අදින ඇදුමේ මෝස්‌තර, වර්ණ ගැලපීම ගොඩක් වැදගත්.. මනෝවිද්‍යාත්මකව ආකර්ශනීය වර්ණ ගැන අපි ඉදිරියට කතා කරමු..

හොදයි.. දැන් එහෙනම් ඔබට පැහැදිලි කඩවසම් බව කියන්නෙ ඔබ මෙච්චර දවසක් හිතපු දේට වඩා සංකීර්ණයි, ගැඹුරුයි කියල..

ඒ නිසා අදින් පස්සේ ලස්සනට ඇඳලා කරල යනකොට අපි මේ කතා කරපු මූලික කරණා ගැන වැඩිපුර හිතල බලන්න.. වෙනදට වඩා වැඩි, හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි...







Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post