ලිංගිකත්වය කියන මාතෘකාව බොහෝම සංකීර්ණ කාරණාවක්.ඒ වගේම කතා කරන්න කාරණා ගොඩක් ඒ මාතෘකාව ඇතුලේ සැඟවිලා තියනවා.ඕනෑම මනුෂ්‍යයෙක් නිරවුල් මානසිකත්වයක ඉන්නව නම් ලිංගිකත්වයේ පහස ඉතාම ඉහලින් විදින්න කැමති. ඒ වගේම ඒ හැකියාව ඔහුට / ඇයට තියනවා.
ඒකෙ කිසිම වරදක් නෑ , ගැටළුවක් නෑ. ස්ත්‍රියක් පුරුෂයෙක්
අතර සිදුවන සමාජ සම්මත වූ ලිංගික ඇසුර දෙපාර්ශවයටම ගෙන දෙන්නේ පුදුමාකාර මානසික
සතුටක්..ඒ නිසා නිසි වයස සම්පූර්ණ වුනාට පස්සේ දෙපාර්ශවය අතර සිදුවන සදාචාරයට
අනුකුල වූ ලිංගික ඇසුර කිසිම කෙනෙකුට වරදක් කියල කියන්න බෑ.
නමුත් අද බලාපොරොත්තු වෙන්නේ කලින් කියපු උපරිම මානසික
වින්දනයකට පාර කියන ලිංගික සතුට නිසි ලෙස ලබන්න බැරි, කොපමණ උත්සහ කලත්
සාර්ථකත්වයක් ගන්න බැරි කාරණාවක් ගැන කතා කරන්න.
“ලිංගික අප්‍රාණිකත්වය” කියන වචන දෙක දැකපු ගමන්
හැමදෙනාගේම හිතට එන විශේෂ කොට්ඨාශයක් ඉන්නවා.ඒ තමා පුරුෂ පක්ෂය.ඒකට හේතුව ලිංගික
අප්‍රාණිකත්වය කියන වචනය හොදින්ම ගැලපෙන්නේ පුරුෂ පක්ෂයට නිසා.ඒකට හේතුව අප්‍රාණිකත්වය
කියන වචනයත් එක්ක අපි මේ කතා කරන කාරණාව ගලපගන්න පහසු නිසා වෙන්න ඕනි.
ඇයි එහෙම කියන්නෙ.. එහෙම කියන්න හේතුව මෙන්න මේකයි.
ලිංගික කාර්යයේදී පුරුෂයෙක්ගේ ලිංගය ප්‍රාණවත් වෙන්න
ඕනි.එහෙම වුනාම තමා ස්ත්‍රියගේ යෝනිය තුලට පුරුෂ ලිංගය ඇතුල් කරල අවශ්‍ය ලිංගික
සන්තර්පණය ලබන්න පුළුවන් වෙන්නේ. මේවා “කුණුහරප” කියල අර්ථදක්වන්න අවශ්‍ය නෑ.මේව
අපි කවුරුත් දන්න කාරණා.
අපි මේ කතා කරන්නේ බොහොම සරල භාෂාවෙන්, ඒ නිසා අවබෝධයක් නැති කාරණාවක් ගැන කතා කරල අවශ්‍ය අවබෝධය ගන්න උත්සහ කරන එක වරදක් නෙවේ.
හරි අපි මාතෘකාවට එමු..
අපි කතා කරා ලිංගය ප්‍රාණවත්වීම නිසා පුරුෂයෙකුට ලිංගික
කාර්ය සාර්ථකව සිදු කරල අවශ්‍ය මානසික වින්දනය ලබා ගන්න පුළුවන් කියල. ඒ තමන්ගේ
ලිංගය ප්‍රමාණවත් තරම් ප්‍රාණවත් වෙන නිසා.
එතකොට මේ විදිහට ප්‍රාණවත්
නොවෙන එක තමයි ලිංගික අප්‍රාණිකත්වය කියල කියන්නෙ.
ඒක වෙන්නේ කොහොමද?
සරලම කතාව තමා මේ.. පුරුෂයෙක්ගේ ලිංගය නිසි පරිදි ප්‍රාණවත්
වෙන්නනම් අවශ්‍යතා කීපයක් සිද්ද වෙන්න ඕනි. එකක් තමයි තමන්ගේ පංචේන්ද්‍රියන් වලින්
ලබන සංවේදනයන් ඔස්සේ ගිහින් ඔහුට ලිංගික පහස අවශ්‍යයි කියන තැනට තමන්ගේ මනස හැදෙන
එක.
ඒක වෙන්නේ මෙහෙම..
තමන්ට ලිංගික ආකර්ෂණයක් තියන කෙනෙක් මුණගසුනට පස්සේ , ඒ
පුද්ගලයත් එක්ක සිදුවෙන ගනුදෙනුව මත
තමන්ගේ ඇස මගින් දකින රූපය,තමන්ගේ කනට ඇසෙන අදහස් / වචන (ශබ්ද) ,තමන්ගේ නහයට දැනෙන
ආකර්ශනීය සුවඳ, සමහර වෙලාවට මුඛය තුලින් ලබන සංවේදනයන්(තොල් සිපගැනීමක් වගේ
දෙයක්), තමන්ගේ සමට දැනෙන ස්පර්ශය වගේ සියුම්,ආකර්ශනීය පෙළඹවීමක් මගින් ඒ
පුද්ගලයාට ලිංගික පහස ලබන්න අවශ්‍යයි කියන අදහස මොලය තුලින් නිපදවනවා. ඒ කියන්නෙ
ලිංගිකව සතුටක් ලබන්න අවශ්‍යයි කියන සිතුවිල්ල ඇතිවෙනවා. (මෙය පුද්ගලයෙක්ගේ ලිංගික
ආකර්ෂණය යොමුවන ආකාරය මත තීරණය වෙන්න පුළුවන්.ඒ කියන්නෙ,විරුද්ධ ලිංගිකයෙකුට
ආකර්ෂණය වීම,සම ලිංගිකයෙකුට ආකර්ෂණය වීම හෝ විරුද්ධ ලිංගික සහ සම ලිංගික කියන
දෙකටම ඇති ආකර්ෂණය සහ වෙනත් ආකාර.. )
මෙහෙම ඇතිවෙන සිතුවිල්ල තව තවත් වර්ධනය වෙලා මොලය මගින්
නිකුත් කරන විවිධ රසායනිකයන් මගින් සහ
හෝමෝන මගින් අවශ්‍ය ලිංගික තෘප්තිය ගොඩනැගීම සහ ලිංගික අවයව ඒ සඳහා සකස්වෙන්න අවශ්‍ය
වටපිටාව සකස් කරල දෙනවා.
ඒකෙ ප්‍රතිපලයක් විදිහට පුරුෂයෙක්ගේ නම්, පුරුෂ ලිංගයට ගමන් කරන රුධිර ප්‍රමාණය ඉහල ගිහින් පුරුෂ ලිංගයේ රුධිර නාල විශාල වෙනවා.එහෙමත් නැත්තන් පුරුෂ ලිංගයේ රුධිර මට්ටම ඉහල යනවා. මේක තමයි ඉතාම සරලව තේරුම් කරල දෙන්න පුළුවන් කාරණාව.මෙහෙම වුනාම තමා පුරුෂයෙකුගේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන්නේ.
මෙන්න මේ ක්‍රියාවලිය හරියට සිද්ද නොවී කොතැනක හරි
ගැටළුවක් මතු වුනොත් අපි අද මේ කතා කරන ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙන්න පුළුවන්.මේක
කායික මානසික කියන කාරණා දෙකින් කොතනක හරි සිද්ධ වෙන අවුලක් නිසා වෙන්න පුළුවන්
කියල හොදට මතක තියා ගන්න.
කායික ගැටළුවක් විදිහට ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන්
දියවැඩියාව,හදවත් රෝග,අධික රුධිර පීඩනය වගේ සමහර රෝග බලපාන්නත් පුළුවන්. ඒ වගේම
පුද්ගලයාගේ වයස කියන කාරණාවත් හරි වැදගත්.සාමාන්‍යයෙන් වයස අවුරුදු 50 ඉක්ම යාමත්
එක්ක මේ වගේ ගැටළුවක් මතුවෙනවානම් වැඩිය කලබල වෙන්න අවශ්‍ය නැහැයි කියන දෙයත් මේ
වෙලාවේ මතක් කරල දෙන්න ඕනි.
හැබැයි ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙන්න 50 පනින්නම ඕනි
නෑ.සමහර පුද්ගලයින් ඉන්නවා ජීවිතේ ජවසම්පන්නම කාලය වෙන අවුරුදු 25 – 35 වගේ කාල වලදීත් මේ ගැටළුවට මුහුණ දෙනවා.
ඒ වගේ බහුතරයක් දෙනෙකුට මේ ප්‍රශ්නය ඇතිවෙන්න හේතු වෙන්නේ කායික ගැටලුවකට වඩා මානසික
බලපෑමක් විදිහට එල්ල වෙන යම් යම් මානසික තත්වයන්.
දැන් ඔබට පැහැදිලි, පුරුෂයෙකුගේ පුරුෂ ලිංගය ප්‍රාණවත්
වෙන්න මොලය මගින් විශාල කාර්යයක් කරන බව. ඒ කියන්නෙ ලිංගික ප්‍රාණවත් බව ඇති කරන්න
හේතුවෙන ප්‍රධාන අවශ්‍යතා වලින් මූලිකම වගකීමක් ඉටු කරන්නේ අපේ මනස.එහෙමත් නැත්තන්
මොලය.
මේ විදිහට ලිංගික ප්‍රාණවත් බව ඇතිකරන මනස ලෙඩ වෙනවා
කියන්නෙ අර්බුධ රැසකට අත වනන වටපිටාවක් නිර්මාණය වෙනවාමයි.
උදාහරණයක් විදිහට ඔබේ මනස නිරවුල් නැති වටපිටාවක අපි මේ
කතා කරන ලිංගික අප්‍රාණික බවට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා වගේම ඔබේ එදිනෙදා වැඩ
කටයුතු ක්‍රමවත්ව,නිවැරදිව, ගැටළු වලින් තොරව කරගන්න අවශ්‍ය සිතුවිලි,අදහස්,ආකල්ප
නිර්මාණය වෙන්නේ විවිධ බාධක මැද.
එහෙම වුනාම හැමදේම අවුල් ජාලාවක් වෙන එක නවත්ත ගන්න
අමාරුයි..ඔබ කොච්චර බලවත් පුද්ගලයෙක් වුනත්, ඔබට කොච්චර මිල මුදල්,යාන වාහන,ගේ දොර
ඉඩකඩම් යහමින් තිබුනත් ඔබේ කය ලෙඩ වුන වෙලාවක ලෝකේ තියන හොදම ප්‍රතිකාර මධ්‍යස්ථානයකට
හරි රෝහලකට හරි ගිහින් ප්‍රතිකාර අරන් සුව වෙනවා වගේ පහසුවෙන් මානසික ගැටළුවෙන්
සුව වෙන්න අමාරුයි.
ඒකට හේතුව අසනීප වෙච්ච ඔබේ මනස නැවත නිරෝගී මනසක් බවට
පත් කරගන්න අවශ්‍ය ඖෂධය තියෙන්නෙත් ඔබ ලගම නිසා. ඒ තමා ඔබේ නිවැරදි සිතුවිලි.
මේ සිතුවිලි නිවැරදි කරගන්නනම් ඔබේ නිවැරදි අවබෝධය, එහෙමත් නැත්තන් ඔබ පීඩා විදින ගැටළුව සහ ගැටළුව විසඳා ගන්න අවශ්‍ය විදිය ගැන නිවැරදි අවබෝධව අවශ්‍යයි.එහෙම වුනොත් තමා ගැටලුවෙන් එලියට ඇවිත් හරි මාවතේ යන්න පුළුවන් වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඔබේ මනස අසනීප වීමේ තීව්‍රතාවය මත ඇතැම් අවස්ථාවල ඖෂධ ප්‍රතිකාරත් අවශ්‍ය වන බව.ලිංගික අප්‍රාණිකත්වයට බලපාන ප්‍රධාන හේතු අතර එකක් තමයි මෙන්න මේ විදිහට අසනීප වෙන ඔබේ මනස.ඒ විදිහට මනස අසනීප වෙන ප්‍රධාන අවස්ථා කීපයක් තියනවා.ඒවා සාමාන්‍ය මානසික අර්බුධ වල ඉදන් ඉතා දරුණු මානසික අර්බුධ දක්වාම දිව යනවා.දරුණු කියල අදහස් කරේ ප්‍රභල ගණයේ මානසික රෝග.
නමුත් අපි අද කතා කරන්නේ ඒ විදිහට දරුණු මානසික රෝග තියන
පිරිස් ගැන නෙවේ.අපි කතා කරන්නේ සාමාන්‍ය විදිහට අනික් මිනිස්සු වගේම එදිනෙදා
ජීවිතේ ගත කරන, ලිංගික ජීවිතය විදින පිරිස් ගැන.
ඒ වගේ පිරිස් අතර ඉන්න අපි මේ කතා කරන ලිංගික අප්‍රාණිකත්වය
තියන පිරිස් මුහුණ දෙන මානසික අර්බුධකාරී අවස්ථා මොනවද කියන එක අපි දැන් බලමු.
එකක් තමයි
පුද්ගලයා මුහුණ දෙන අධික ආතතිය.අපි මේක Stress කියල හදුන ගන්නවා.තමන්ගේ රැකියාව තුල තියන
අධික වැඩ තොගය, ආර්ථිකය ගොඩ දාගන්න දරන මහන්සිය, පවුල් ජීවිතය ඇතුලේ මතුවෙන නොයෙක්
ප්‍රශ්න සහ කරදර,දරුවන්ගේ වගකීම් සහ යුතුකම් වගේ මෙකී නොකී ගොඩක් හේතු Stress එකට
බලපානවා.එතකොට වෙන්නේ මානසික ඒකාග්‍රතාවය බිඳ වැටිලා ඔබේ මනසේ තිබිය යුතු සමතුලිත
බව නැති වෙන එක.
එහෙම වුනාම මෙන්න මේ Stress එක දීර්ඝකාලීනව පවතින්න
පවතින්න ඔබට ලිංගික අප්‍රාණිකත්වයට අවශ්‍ය පසුබිම නිරායාසයෙන්ම ඇති කරනවා.
අනික් කාරණාව
තමා කාංසාව.අපි මේක Anxiety කියල හඳුන ගන්නවා.මේක මෙහෙම ඇතිවෙන්නේ ඔබ
එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන යම් යම් අසහනකාරී අත්දැකීම් වලට මුහුණ දෙනකොට.මෙනවද මේ
අසහනකාරී අත්දැකීම්. උදාහරණයක් විදිහට ගන්නකො මෙන්න මෙහෙම.ඔබට යම් අසනීපයක්
හැදුනාම ඔබ මනස ඇතුලේ ගොඩනැගෙන අසහනකාරී බව, විභාගයක් ,රැකියාවේ වෙනසක්, දරුවෙකුගේ
යම් ගැටළුවක්, නිතර නිතර හිතේ වැඩ කරන මොනයම් හෝ සැක සංකාවක්,අනාගතය ගැන ඇතිවෙච්ච
භයක් වගේ විවිධ හේතු මෙන්න මේ Anxiety වලට බලපාන පුළුවන්.
මෙන්න මේ වගේ තත්වයක් දීර්ඝකාලීනව හෝ යම්කිසි දරුණු
තත්වයකින් පැවතුනොත් අපි මේ කතා කරන ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙන්න පුළුවන්.
මෙන්න තියනවා
ඉතාමත් වැදගත් කාරණාව.ඒක තමා ලිංගික කාර්ය සිදු කරන පාර්ශව අතර පවතින මානසික
සම්බන්ධතාවය.මෙන්න මේක කැඩිලා බිඳිලා ගියොත් වැඩේ ලොකු අවුලකට තල්ලු
වෙන එක නවත්තන්න බෑ.
ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි තමන්ගේ සහකාරිය
හරියට සතුටු කරන්න පුළුවන් වෙයිද කියන දේ. මේකට අපි කියනවා performance Anxiety
කියල.එහෙම මතුවෙන සැකයත් එක්ක වැඩේට බැස්සම ගොඩක් වෙලාවට අසාර්ථක වෙන්න තියන ඉඩ
වැඩි.ඒ වගේම තමන්ගේ සහකාරිය තමන් කරන දේට කැමති වෙයිද, තමන්ට වැඩේ හරියට කරගන්න බැරි
වුනොත් ඇය ඉදිරියේ ලැජ්ජා වෙන්න වෙයිද කියන භය තියනවා. ඉතින් ඒ නිසා අත්‍යවශ්‍යම
දේ තමයි දෙදෙනා අතර සිද්ධ වෙන ඉතා පැහැදිලි අදහස් හුවමාරුව සහ ඒ මොහොතේ තමන්ගේ
ලිංගික සහකරුවා ඉන්න මානසිකත්වය තේරුම් ගැනීම.
මෙහෙම මානසිකත්වය තේරුම් ගන්න නම් ඉතා හොඳ සන්නිවේදනයක් දෙදෙනා අතර සිද්ධ විය යුතුමයි.ඒක තමා අපි Well Communication කියල කියන්නෙ. ඒ සන්නිවේදනය අවාචිකව (Non-verbal) එහෙමත් නැත්තන් කටින් කියල ඉල්ලන්නේ නැතිව ඉරියව් ප්‍රකාශනයත් එක්ක ලබාගන්න පුලුවන්නම් ගොඩක් සාර්ථකයි. එතකොට ගොඩක් වෙලාවට තමන්ගේ සහකරුවා හොදින් තේරුම් අරගෙන, අසාර්ථක වීමකට පත්වෙන්න තියන අවස්ථා අවම කරගන්න පහසු වෙනවා.
උඩ තියන මෙන්න මේ link එක ඔය කියපු කාරණාව පහසුවෙන් තේරුම් ගන්න උදව්වක් වෙයි.
ඒ වගේම ඉතා සන්සුන්ව ඒ අවස්තාව විදින්න උත්සහ කිරීම
බොහොම වැදගත්.මොකද හේතුව ඔබ නොසන්සුන් වෙන්න වෙන්න ඔබට සාර්ථකව ක්‍රියාත්මක වෙලා
අවශ්‍ය ලිංගික සතුට විදින්න තියන හැම මාර්ගයක්ම ඇහිරෙනවා.
මෙතනදී මතක් කරන්න අවශ්‍ය වැදගත් දෙයක් තියනවා. ලිංගිකව
එක්වෙන අවස්තාවේදී සහකරු සහ සහකාරිය එම ලිංගික කාර්ය හොදින්ම විදින්න නම් ඔවුන් එම
කටයුත්තට යොමුවන පරිසරයත් ඒ වෙනුවෙන් හොදින් සුදානම්ව තිබිය යුතුමයි. ඇඳට නැග්ග
පමාවට බහින්න බලාගෙන ලිංගික කාර්යට යොමු වෙන ගොඩක් අවස්ථාවල සිද්ද වෙන්නේ අසාර්ථක
වීමක්මයි.
ඒ නිසා මෙන්න මේ කාරණාවෙදී තමන්ට ඒ ගැන නිසි අවබෝධයක්
නැත්නම් මනෝ උපදේශක වරයෙක් සමග කතා කරන එක
ඉතා වැදගත්.
තවත් වැදගත්
කාරණාවක් තියනවා. ඒ තමයි වැඩි දෙනෙක් මුහුණ දෙන තවත් බරපතල ගැටළුවක් වෙච්ච
විශාදය.අපි මේක Depression කියන නමින් හඳුන ගන්නවා.
මෙන්න මේ තත්වය අපි මේ කතා කරන ලිංගික අප්‍රාණිකත්වයට
විශාල බලපෑමක් කරනවා.විශාදයට පත්වෙච්ච කෙනෙක්ගේ මූලිකම ලක්ෂණයක් තමයි හැමදේම අත
ඇරලා දාන එක,අධික දුක,ඉච්ඡාභංගත්වය වගේ දේවල්.. ඔබ හිතල බලන්න මේ වගේ තත්වයක් තුල
ලිංගික එක්වීමකට අවස්ථාවක් තියෙයිද කියල.
ඒ නිසා මේ වගේ අවස්ථාවක ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙන එක
අරුමයක් නෙවෙයි.හැබැයි නිවැරදි ප්‍රතිකාර,නිවැරදි මනෝ චිකිත්සාව සහ උපදේශනය
ලබාගෙන්න විශාදයෙන් ගොඩ ඒම තුල විශාදයට වගේම ඒ තුලින් මතුවන අතුරු ප්‍රථිපලයක් වන
ලිංගික අප්‍රාණිකත්වයට පහර දීල ජයග්‍රහණය කරන එක අමාරු දෙයක් නොවෙන බවත් මතක තියා
ගන්න.
අනික් දේ තමයි
තමන්ට දැනෙන යම්කිසි වරදකාරී බවක්... මෙන්න මේකත් අපි මේ කතා
කරන ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රධාන හේතුවක් වෙනවා.
මේක මොනවගේ වරදකාරී හැගීමක්ද? උදාහරණයක් විදිහට මෙහෙම
හිතන්න.ඔබ ඔබේ බිරිඳට අතිෂෙයින්ම ආදරෙයි.බිරිඳත් ඔබට එහෙමම ආදරෙයි.ඔබ දෙදෙනාට
දෙදෙනා විශ්වාසය රකිනවා.
නමුත් ඔබට අවස්ථාවක් එනවා බිරිඳට හොරෙන් වෙනත් ස්ත්‍රියක්
එක්ක ලිංගික සතුට ලබන්න.ඔබට මේ අවස්ථාව මග ඇර ගන්න විදිහක් තිබුනෙම නෑ,ඔබේ හැගීම්
පාලනය කරගන්න බට බැරි වෙනවා.ඔබ ඇය සමග සතුටු වෙනවා.නමුත් මේක ඔබේ හිතේ වරද කාරී
හැගීමක් විදිහට දවසින් දවස දළුලනවා.
මෙන්න මේ වගේ අවස්තාවක ඔබේ වරදකාරී හැගීම ඔබව ලිංගික අප්‍රාණික තත්වයකට තල්ලු කරන්න පුළුවන් ඉඩකඩ වැඩි.එහෙම වෙන්නේ තමන්ගේ බිරිඳත් එක්ක ලිංගික සතුටක් ලබන්න උත්සහ කරන හැම වෙලාවකම තමන් ඇයට ද්‍රෝහිකමක් කළා වැනි හැගීමක් එක්ක.
හැබැයි පුතේ මේ වගේ දේවල් හරි පරිස්සමින් විසඳගන්න අවශ්‍ය
කාරණා.තමන්ගේ වරදකාරී බව නැතිකරගන්න කියල කරන ගොඩක් දේවල් වලින් නැති ප්‍රශ්න
ඇතිවෙලා නොහිතන ප්‍රශ්න වලට මුණ දෙන්න පුළුවන්.ඒ නිසා බොහොම කල්පනාවෙන් මේ වගේ
සංවේදී කාරණාත් එක්ක ගණුදෙනු කරන්න ඕනි බව අමතක කරන්න එපා.
මේ වගේ තවත් අවස්ථා තියෙන්න පුළුවන්.ගණිකා ඇසුරට වැඩි
වැඩියෙන් යොමු වෙන පිරිස් පසුකාලීනව ජීවිතේ අවබෝධ කරගන්න තැනකදී ඇතිවන මානසික
කලකිරීම වගේ හේතු නිසා මෙහෙම වෙන්න පුළුවන් පසුබිමක් තියනවා.
අනික් කාරණාව
තමා, තමා තමන් ගැනම කරන අවතක්සේරුව..
කොහොමද මෙහෙම වෙන්නේ?
ගොඩක් වෙලාවට තමන්ගේ පළමු ලිංගික එක්වීමේදී බහුතරයක් දෙනා අසාර්ථක වෙන්න තියන ඉඩකඩ වැඩි.නමුත් එම අසාර්ථකවීම හැමදාමත් සිද්ධවෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.කොහොම වුනත් පළමු අවස්තාව,දෙවැනි අවස්තාව,තුන්වෙනි අවස්තාව වගේ අවස්ථා කිහිපයකදී අසාර්ථක වීමත් එක්ක තමන් තමන් ගැනම අවතක්සේරු කර ගැනීම මෙන්න මේ විදිහට ලිංගික අප්‍රාණිකත්වයට හේතුවක් බව අමතක කරන්න එපා.
මේ වගේ අය ලිංගික සම්බන්දතාවය පටන්ගන්න ඇඳට යන්නෙම “අද
මට මේක කරගන්න බැරිවෙයිද” කියන සැකෙත් එක්ක.එහෙම වුනාම කොහොමත් වැඩේ අසාර්ථකයි. ඒ
නිසා කලින් කතා කරපු නිවැරදි සන්නිවේදනය සහ මානසික සැහැල්ලුව මෙතැනදී ගොඩක් වැදගත්
බව අමතක කරන්න එපා.
තවත් හේතුවක්
තියනවා.ඒ තමා අපි පෙර ලිපියකින් කතා කරපු නිල් චිත්‍රපට වලට අධික ලෙස ඇබ්බැහිවීම
කියන කාරණාව. කලින් අපි ඒ ගැන කතා කරල තියන නිසා ඔබට ඒ ගැන වැඩි
තොරතුරු දැනගන්න (https://sethsahana.blogspot.com/2020/06/if-you-have-addicted-to-porn-movies-its.html) මෙන්න මේ link එක
බලන්න කියල මතක්කරනවා.
මේ කතාව අහල සමහර වෙලාවට කෙනෙක් කලබල වෙන්නත් පුළුවන්.අද
සමාජයේ බහුතරයක් පිරිමි ස්වයං වින්දනයේ යෙදෙනවා.හැබැයි ඒක සාමාන්‍ය තත්වයක්.නමුත්
ගැටළුව තියෙන්නේ මේ විදිහට අසීමිතව
ස්වයං වින්දනයට පුරුදු වුන කෙනෙක් දීර්ඝකාලීනව ඒ කටයුත්ත කරගෙන ගියොත්
ඔහුටත් අපි මේ කතා කරන ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙන්න ඉඩකඩ තියනවා.
මෙතන තියන විශේෂ ලක්ෂණය තමා ලිංගික එක්වීමට යොමුවෙන
අවස්ථාවල අධික ලෙස ස්වයං වින්දනයට යොමු වුන කෙනෙකුට තමන්ගේ ලිංගය අතින්
පිරිමදින්නේ නැතිව ලිංගය ප්‍රාණවත් කරගන්න තියන අපහසුතාවය.ගොඩක් වෙලාවට මේක පෞර්ෂය
සමග ඍජුව සම්බන්ධ වෙන අවස්ථාවක්.
අද අපි කතා කරපු ලිංගික අප්‍රාණිකත්වය කියන්නෙ ප්‍රධාන
වශයෙන්ම මානසික කාරණාවක්. නමුත් කායික හේතුත් ඇතැම් අවස්තාවලදී හේතු වෙන බව මතක්
කරනවා.කොහොම වුනත් මෙන්න මේ කායික මානසික කාරණා නිවැරදිව කළමනාකරණය කර ගැනීම තුල
වඩා හොඳ ලිංගික ජීවිතයක් ඔබට ගතකරන්න බට හැකි බවත් මතක් කරනවා.
ඒ නිසා අවශ්‍ය ප්‍රතිකාර සහ නිවැරදි උපදේශන ක්‍රම
අනුගමනය කරල විඳින්න තියන අවස්ථාව නිවැරදිව විඳින්න කියල අවසාන වශයෙන් මතක් කරනවා.
