මේ දවස්වල Covid 19 නිසා වැඩි දෙනෙක් තමන්ගේ සෞක්‍ය
ආරක්ෂාව ගැන වෙනදට වඩා හිතනවා.ඒක බොහොම හොද දෙයක්.තමන් පරිස්සම් වුනොත් තමා මේ
වසංගතය සමාජය තුල ව්‍යාප්ත වෙලා යන එක අවම කරගන්න පුළුවන් වෙන්නේ.
ඒකට හේතුව පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙක්ට මේ වෛරසය ව්‍යාප්ත
වෙන නිසා , තනි තනිවම තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගන්න එක බොහොම අවශ්‍ය තත්වයක් කියල
කවුරුත් විශ්වාස කරන නිසා..
මේ හේතුව නිසාම වෛද්‍ය උපදෙස් විදිහට අපි, ගමනක් ගිහින්
ආවම හරි නිවසින් බැහැර වෙනත් පරිසරයකට යොමු වුනොත් හරි ගෙදර ඇවිත් හෝ තමන් ඉන්න
ස්ථානයක ඉදන් නිරන්තරයෙන් ඔබේ දෑත් පිරිසිදු කරගන්න කියල කියනවා.මම ඒකට එකඟයි.
නමුත් අද අපි මේ කතා කරන්න යන කාරණාව මම මේ කියපු Covid
19 න් බේරෙන්න අත් සෝදනවට වඩා එහා ගියපු දෙයක්.
කොහොමද එහෙම වෙන්නේ?
ඔබ නිකමට හිතල බලන්න
යම් පුද්ගලයෙක් දවසක් තුල සබන් කැටයක් ඉවර වෙනකම් නිතර නිතර අත් සෝදනවානම් එතන යම්
අස්වාභාවික බවක් තියනවා නේද?
ඒ වගේ පිරිස් මේ සමාජයේ ඉන්නවා.
ගොඩක් වෙලාවට මේ
තත්වය දකින්න පුළුවන්කමක් තියෙන්නේ නව යොවුන් අවදියේ ඉන්න තරුණ තරුණියන් එහෙමත්
නැත්තන් දරුවන් තුල.සමහර විට මේ තත්වය දීර්ඝකාලීනව ඉදිරියට ගිහින් වැඩිහිටි වයස
තුලත් දකින්න පුළුවන්.
දැන් අපි අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ මේ තත්වය මොකද්ද? ඇයි
එහෙම වෙන්නේ ? සහ මේකෙන් ගොඩ එන්න මොකද්ද කරන්න අවශ්‍ය කියන කාරණාවන්.
මේකට මනෝ වෛද්‍ය විද්‍යාව තුල සහ මනෝ උපදේශනය තුල අපි
කියන්නෙ OCD කියල. එහෙමත් නැත්තන් මේක දිග ඇරලා කියනවනම් ඒකට අපි කියන්නෙ
Obsessive Compulsive Disorder කියල.
අපි මේ කතා කරන OCD ප්‍රධාන කොටස් දෙකයි. එකක් Obsessive
අනික් එක Compulsive.
අද අපි මේ කතා කරන කාරණාව අයිති වෙන්නේ Coompulsive කියන කාණ්ඩයට.මේකෙදි වෙන්නේ අදාළ පුද්ගලයාට ඔහුගේ මනස තුල නිරන්තරයෙන් ඇතිවෙනවා සිතුවිල්ලක් තමන් ඉන්න පරිසරය අපිරිසිදුයි,විෂබීජ වලින් ඝහනයි කියල.
ඒක වෙනත් කෙනෙකුට දැනෙන අනාරක්ෂිත බවකට එහා ගිය අසාමාන්‍ය
තත්වයක්.
ඒ නිසා ඔහු හිතනවා තමන්ට මේ නිසා සෞක්‍ය අවදානමක්
ඇතිවෙන්න පුළුවන්,තමන් ඉක්මනින් අසනීප වෙන්න පුළුවන් වගේ හැගීමක්.සරලවම කියනවනම්
ලොකු නොසන්සුන්කමක් සහිත භයක්.
මෙන්න මේ හේතුව නිසා තමා OCD තත්වයක් තියන පුද්ගලයෙක්
නිතර නිතර අත් සෝදන්න යොමු වෙන්නේ.
මේක හරිම හිතට වද දෙන තත්වයක්.අදාළ පුද්ගලයාට තේරෙන්නෙත් නෑ ඇයි තමන්ට එහෙම සිතුවිල්ලක් දැනෙන්නේ කියල.නමුත් ඔහුට එය පාලනය කර ගන්න බැරි තරමටම එම සිතුවිල්ල ඔහුව පාලනය කරනවා.එහෙමත් නැත්තන් ඔහුට වද දෙනවා.
මේ අපි කතා කළේ OCD වල එක දෙයක් විතරයි.මේ වගේ සිතුවිලි
තවත් විවිධ ආකාරයට OCD රෝගීන්ට වද දෙනවා.අපි ඒ ගැන ඉදිරියට කතා කරමු.
දැන් අපි බලමු මේ වගේ තත්වයක් ඇතිවෙන්න හේතුව මොකද්ද
කියල.
මේකට මූලිකම හේතු කිහිපයක් තියනවා.
එකක් තමා අදාළ පුද්ගලයාගේ මොළය තුල සිදුවෙන යම් යම්
රසායනික අසමතුලිත තාවයන්.
අනික් කාරණාව ජානමය හේතු.. මේකෙදි මේ වගේ තත්වයක්
දෙමාපියන්ගෙන් දරුවන්ට සහ පරම්පරාවෙන් යම් යම් ආකාරයට ඉදිරියට ගමන් කරන්න පුළුවන්.
තවත් හේතුවක් තමයි පාරිසරික බලපෑම.. පිරිසිදුවට ඉන්න
කෙනෙක් කොහේ හරි අපිරිසිදු තැනක නිතර නිතර ගැවසෙනකොට, තමන්ගේ සනීපාරක්ශාවට බාධා
එනකොට දීර්ඝකාලීනව මේ වගේ තත්වයක් එක්ක ඉන්නකොට ඇතිවන මානසික අවපීඩනය මත මෙහෙම
වෙන්නත් පුළුවන්.ඒ වගේම පුංචි කාලෙදී යම්කිසි නරක අත්දැකීමකට මුහුණ දීල තිබුනොත්
පසුකාලීනව මේ වගේ තත්වයක් ඇතිවෙන්න පුළුවන්.
දැන් ඔබට තියන ඊළඟ ප්‍රශ්නය තමයි මේකට ප්‍රතිකාර තියනවද
කියන එක.
OCD වලට ප්‍රතිකාර තියනවා. හැබැයි මතක තියා ගන්න මනෝ
වෛද්‍ය ප්‍රතිකාර වලට යනවනම් යන්න වෙන්නේ මේ තත්වය උග්‍ර වෙච්ච අවස්ථාවක
විතරයි.එහෙම වුනාම අදාළ මනෝ වෛද්‍යවරයා ලබා දෙන ඖෂධ වලින් ඔබේ OCD තත්වය යම්තාක්
දුරකට සමනය වෙනවා..
හැබැයි ඖෂධ ප්‍රතිකාර වලින් විතරක් මේකෙන් ගොඩ එන්න
කොහොමත් බෑ.ඒකට හේතුව ඔබට මේ වද දෙන්නේ ඔබේ මනස තුල ගොඩනැගෙන සිතුවිල්ලක්.
සිතුවිලි වෙනස් කරන්න ඖෂධ වලින් විතරක් බෑ.ඒකට ඔබ හිතන විදිහ,ඔබ දකින විදිහ වෙනස්
කරගන්න අවශ්‍ය වෙනවා.
ඒකට තමා මනෝ උපදේශනය තියෙන්නේ..
මනෝ උපදේශක එක්ක එකට එකතුවෙලා ඔබට කරන්න වැඩ ටිකක්
තියනවා.ඒ අතර ඔහු සමග අදහස් හුවමාරු කරගන්න එකට අමතරව යම් යම් ක්‍රියාකාරකම්
කිහිපයකුත් තියනවා..
මෙන්න මේ ටික හරි විදිහට මහන්සි වෙලා,වුවමනාවෙන් කලොත් ප්‍රශ්නෙන් ගොඩ එන එක අමාරු දෙයක් නෙවේ.
OCD කියන්නෙ නව යොවුන් වියේදී වැඩි වශයෙන් ඇතිවෙන
තත්වයක් කියල අපි ආරම්භයේදීම කිව්වා මතක ඇති.මේ තත්වය ඇති වුනාම ගොඩක් දෙනෙක් ලොකු
කංසා ජනක තත්වයක් එක්ක තමා හැම මොහොතක්ම ගත කරන්නේ.හිත හැම වෙලාවකම නොසන්සුන්.
මේ වගේ තත්වයක් සාමාන්‍ය ජීවිතයේ කටයුතු අඩපන කරල
දානවා.ඒක අදාළ රෝගියාට විතරක් නෙවෙයි පවුලේ සාමාජිකයින්ට,ඔහු ආශ්‍රය කරන අනෙක්
යටත් යම් බලපෑමක් කරනවා.
ඒ නිසා මෙයින් මිදෙන්න කළයුතු කටයුතු කරල, අවබෝධයෙන් මේ
කතා කරපු මානසික පීඩාකාරී බවින් මිදෙන්න ඔබටත් පුළුවන්.
ඒ නිසා අදම වෘතීය මනෝ උපදේශකයෙක් සමග එකතුවෙලා අවශ්‍ය
කටයුතු පටන්ගන්න.ටික කාලයක් යනකොට මේකෙන් ඔබව ගලව ගන්න ඔහු කටයුතු කරයි.හැබැයි
මතක තියාගන්න මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නොවන බවත්.ඒකට ඔබේ කැපකිරීම
අත්‍යාවශ්‍ය දෙයක්.
